Tuesday, April 21, 2009

Windows XP Updates වල ප්‍රබේද

1. Hotfixes - යනු වින්ඩොස් XP මෙහෙයුම් පද්ධතිය භාවිතා කරන පාරිභෝගිකයන් විසින් ඔහුන්ට මෘදුකාංග හෝ දෘඩාංග සමග ඇතිවන දෝෂ MicroSoft ආයතනය වෙත දැන්විමෙන් පසු එම හදුනාගත් දෝෂ සදහා පමණක් මෘදුකාංග කොටස් ක්‍රමලේඛනය කර දෙනු ලබයි. එසේ නිකුත් කරනු ලබන මෘදුකාංග කොටස් සියලුම පාරිභෝගිකයන්ගේ දෘඩාංග හා මෘදුකාංග සමග ගලපා නොමැත. එහෙයින් ගැටලුව ඇතිවන පාරිභෝගිකයාගේ ගැටලු පමණක් මෙයින් නිරාකරණය කර ගත හැක. support.microsoft.com වෙබ් අඩවිය තුලින් මෙම Hotfixes භාගත කිරීමට සලස්වා ඇත.

2 Service Packs - Windows මෙහෙයුමි පද්තිය පාරිභෝගිකයින් වෙත නිකුත් කලදා සිට මේ දක්වා නිකුත් කල සියඑම Hotfixes එකතුකර සාදනු ලබන මෘදුකාංග සදහා Windows Service Pack යන නාමය ලබාදී ඇත සමාන්‍යයෙන් service packs නිකුත් කිරීමට ප්‍රථම Microsoft ආයතනය විසින් “beta “ පිටපත් දෙකක් හෝ ඊට වැඩි ප්‍රමාණය නිකුත් කරනු ලබයි. Service packs මාස 06 සිට වසර 02 දක්වා කාලපරාසයන් තුල නිකුත් වෙ. මේවා නිකුත් කරනු ලබන්නේ සියඑම Windows පාරිභෝකයින් සදහාය.

3 Rollups - අවසන් service pack නිකුත් වීමෙන් පසුවද මෘදුකාංග හා දෘඩාංග වල දෝෂ වින්ඩොස් XP මෙහෙයුම් පද්ධතිය භාවිතා කරන පාරිභෝගිකයන් විසින් දැන්වීමෙන් පසු නැවතත් hotfixes නිකුත් කරනු ලබයි මෙලෙස hotfixes සැලකිය යුතු ප්‍රමාණයක් නිකුත් කිරීමෙන් පසු ඒවායේ ඉතා වැදගත් hotfixes එකතුකර සමාන්‍යය අත්හදා බැලීමි වලින් පසු නිකුත් කරනු ලබන මෘදුකාංග කොටස් rollups ලෙස හදුන්වනු ලබයි. මෙම rollups පාරිභෝගිකයන් විශාල පිරිසක් අරභයා නිකුත් කරනු ලබන අතර මේ සදහා ස්ථිර කාල පරාසයක් නොමැත.

4 Critical updates - පාරිභෝගිකයන් බොහෝ පිරිසක් අතර පරීක්ෂා කිරීමෙන් පසු නිකුත් කරනු ලබන මෙම මෘදුකාංගයෙහි අන්තර්ගතව ඇත්තේ Windows ඇති ආරකෂිත අවදානමි (security risk) සදහා පිලියමිය. මෙවා Windows යාවත්කාලීන කිරීම් සමගම පාරිභෝගිකයින් වෙත ලබාදේ. සාමාන්‍යයෙන් මසකට වරක් පමණ Critical updatesනිකුත් වේ.

5 Optional Updates - යනු Windows හි ඇති සමහරක් මෘදුකාංග කොටස් යාවත්කාලීන කිරීම සදහා නිකුත්වන මෘදුකාංගයන්ය - මෙහිදී Windowsහි ඇති සමහරක් මෘදුකාංගයෙහි නව මෘදුකාංග පිටපත් හෝ වැඩිදියුණු ක්‍රියාකාරී කොටස් නිකුත් වේ.

No comments:

Post a Comment

latest virus and spyware detection