Tuesday, August 11, 2009

පරිගණකය ක්‍රියාත්මක කිරීමට හැකි (boot කිරීමට) pen drive එකක් සෑදීම

මට හිතුනා නිතර නිතර නොකරන දේවල් මතක තියාගන්න අමාරු නිසා අද පරිගණකය ක්‍රියාත්මක කිරීමට හැකි (boot කිරීමට) pen drive එකක් සෑදීම සම්බන්ධව විස්තර ලියන්න. හැබැයි මම විවෘත මෘදුකාංග වලට ඇලුම් කරන නිසා මේ ලියන ක්‍රමය කරන්න වෙන්නේ ව්වෘත මෘදුකාංග මෙහෙයුම් පද්ධකියක් භාවිතා කරන්නන්ට. නමුත් මෙය වින්ඩෝස් භාවිතා කරන්නන්ට කිරීමටත් ක්‍රම තියෙනවා ඒගැන පසුව ලියන්නම්.

හැබැයි අද සයිබර් අවකාශයේ මේවගේ දේවල් සුලබයි. විවිධ පද්ධති මෘදුකාංග හා නොයෙකුත් පුද්ගලයින් විසින් ක්‍රමලේඛනය කරන ලද විවිධ ක්‍රමයන් සොයා ගැනීම ඉතාම පහසුයි. නමුත් මගේ අරමුණ හැමෝම දකින්න ඇතිනේ.

මේ සදහා මම තෝර ගත්තේ Slax කියලා තියෙන විවෘත මෘදුකාංග ඝනයට ගැනෙන මෙහෙයුම් පදෟධතියක්. ඔන්න පියවර ටික ..... ආ... තව දෙයක් ලියන්නම ඕන මෙලෙස සකසා ගැනීමට බලාපොරොත්තු වෙන pen drive එකේ දත්ත පලමුව Backup කරගන්න.

1 වන පියවර-- මෙයට අවශ්‍ය වන ගොනුව මෙතනින් භාගත කර ගන්න.

2 වන පියවර-- භාගත කර ගන්නා ලද tar ගොනුව extract කර ගන්න.

3 වන පියවර-- extract කරන ලද ගොනුව තුල ඇති slax හා boot යන ගොනු දෙක ඔබගේ pen drive එකට පිටපත් කර ගන්න.

4 වන පියවර-- දැන් Terminal එක විවෘත කරගෙන ඔබගේ pen drive එක cd විධානය මගින් යන්න.

5 වන පියවර-- Pen drive එක තුල slax හා boot යන ගොනු දෙක විතරනෙ තියෙන්නේ දැන් boot නමි ගොනුව තුලට ගොස් එහි ඇති bootinst.sh නමි විධානය ක්‍රියාවේ යොදවන්න (මෙලෙස ./bootinst.sh).

6 වන පියවර-- එවිට ලැබෙන උපදෙස් පිලිපදින්න. එවිට සියල්ල සාර්ථක වේවි.

මෙය Pen drive එක මගින් boot කල හැකි පරිගණකයක් මගින් අත්හදා බලන්න. ඔබට මේ පිලිබදව වැඩිපුර විස්තර අවශ්‍ය නම් Slax අඩවියට ගොස් ගන්න.

No comments:

Post a Comment

latest virus and spyware detection