Saturday, September 26, 2009

දැන ගත යුතුම පාසැලක්.........

සපුගස්ගන්ද විශාකා බාලිකා විදුහල (www.vishaka.sch.lk) 2009 වසරේ බස්නාහිර පලාත් පාසැල් ඵලදායිතා සම්මානය දිනාගෙන ඇත.

තවද 2009 ශ්‍රී ලංකා පාසැල් පලදායිතා සම්මානය සදහාද මෙම පාසැල නිර්දේශවී ඇති අතර මේ සියලු හපන්කම් සදහා නායකත්වය හා මග පෙන්වීම පාසැලේ ගරු විදුහල්පතිනියගෙනි.ඉතා මෑත ඉතිහාසයක් ඇති මෙම පාසැල මෙතරම් කෙටි කාලයක් තුල මෙවැනි මට්ටමකට රැගෙන ඒමට තම කාලය ශ්‍රමය හා දැනුම් සම්භාරය කැපකල ගරු විදුහල්පතිනිය පිලිබදව ශ්‍රී ලංකාවතුල පිහිටි අනෙකුත් පාසැල්ද මහත් ආඩමිබරයට පත්විය යුතුය. මෙම වකවානුව තුල ශ්‍රී ලංකා පාසැල් පද්ධතියේ විවිධ විශමතාවයන් හා අඩුපාඩු ඉස්මතුවද්දී පාසැල් විදුහල්පතිනිය, ගුරුමණ්ඩලය හා සිසුවියන් එක්ව දිගින් දිගටම තම පාසැල විවිධ වූ ජයග්‍රහණයන් කරා යොමුකරවීම පිලිබදව වගකිවයුත්තව්ගේ විශේෂ අවධානය ලක්විය යුතුවේ.

පාසැලේ ගුරුමණ්ඩලය හා සිසුවියන්ට ගමට රටට ආඩම්බරයක් ගෙන දීමට තම පෙෘද්ගලික කාර්යන් පසෙකලා උපරිම වෙහෙසක් ගත් ගරු විදුහල්පතිනියට තවතවත් ඉදිරියට මෙම පාසැල ගෙනයාමට අවශ්‍ය ශක්තිය හා උදව් උපකාර ලැබේවා!! එතුලින් අපේ ගමට අපේ මව් රටට අතිවිශාල සෙතක් සිදුවේවා!!!!

3 comments:

  1. .sch.lk වෙබ් ඉඩෙහි CMS භාවිතා කල හැකිද?

    ReplyDelete
  2. අනිවාර්යෙන්ම ...... CMS භාවිතා කරන්න පුලුවන් මෙහි ගොඩක් අඩවි CMS භාවිතා කර හදපුවා ..

    ReplyDelete
  3. මම අහලා තිබ්බෙ බෑ කියලා.
    ස්තුතියි :)

    ReplyDelete

latest virus and spyware detection