Sunday, January 24, 2010

Host name එක එයට අදාළ IP ලිපිනය සොයාගෙන යාම?

Host Name Resolution
මම අද මෙම මාතෘකාව පිළිබදව ලිපියක් කියවපු නිසා එය පිළිබදව තව කෙනෙකු දැනුවත් කිරීමට සිතුවා. Host name එක කියන්නේ යම්කිසි පරිගණයකට ලබාදෙන නමක් හෝ නමක් වෙනුවට ලබාදෙන තවත් නමක්. අනික තමා මෙම නම ලබා දෙන්නේ TCP/IP Host උපාංගයක් ලෙස හදුනා ගැනීමටයි. පරිගණක ආශ්‍රිත උපාංගයකට මෙම Host name එක සදහා අකුරු 255 ක් භාවිතා කල හැකි වේ. මෙම අකුරු සදහා ඉංග්‍රිසි අකුරු,ඉලක්කම්,තිත (නැවතීමේ ලකුණ) හා හරස් කෙටි ඉර ( hyphen ) භාවිතා කිරීමට හැකිවේ. තවද එකම පරිගණකයකට හෝ ඒ ආශ්‍රිත උපකරණයකට Host name කිහිපයක් ලබාදිය හැකියි.
Host name එක තැම්පත් කිරීම සදහා එහෙමත් කැත්නම් Host name resolve වීම සිදුවිමට අපහට DNS සර්වරයක් හෝ ඒ සදහා අදාල පරිගණකයේ හෝ ඒ ආශ්‍රිත උපාංගයේම යම් ගොනුවක් භාවිතා කිරීමට හැක.

Host File
Host name එම (local) පරිගණකයේ resolve කර ගැනීමට එහෙමත් නැතිනම් Host name එක එයට අදාළ IP ලිපිනය සොයාගෙන යාමට හැකි පරිදි ක්‍රියාත්මක වීමට උපයෝගී වන්නේ Host File එකයි. තවද මෙ‍ම ක්‍රමය ආයතනයක සෑම පරිගණකයකම හෝ ජාලගත සෑම පරිගණකයකම Host File එක සැකසීම අපහසුවේ. මෙයට ඇති විසදුම ලෙස අපට DNS සර්වර් භාවිතා කල හැක.
මෙම Host File එක ගබඩා වී ඇති ස්ථාන වින්ඩෝස් හා ලිනක්ස් පද්ධති වල වෙනස් වෙනවා.ලිනක්ස් ස්ථාපනය කර ඇති පරිගණක වල “/etc/hosts” ස්ථානයේද වින්ඩෝස් ස්ථාපනය කර ඇති පරිගණක වල වින්ඩෝස් පද්ධතිය ස්ථාපනය කර ඇති දෘඩ තැටි Partition එකෙහි ‍‍‍‍‍‍‍‍‍‍‍‍\% system root%\System 32\drivers\etc\hosts යන ස්ථානයේද ගබඩා වී ඇත.
Linux/Unix --> /etc/hosts
Windows 3.1/95/98/ME --> c:\windows\hosts
Windows NT/2000/XP Pro --> c:\winnt\system32\drivers\etc\hosts or c:\windows\system32\drivers\etc\hosts
Windows XP Home --> c:\windows\system32\drivers\etc\hosts
Netware --> SYS:ETC/HOSTS
Apple --> System Folder:Preferences and in the System Folder itself.
මේ තියෙන්නේ ආදර්ශ Host File එකක්.

# This is a sample HOSTS file used by Microsoft TCP/IP for Windows.
#
# This file contains the mappings of IP addresses to host names. Each
# entry should be kept on an individual line. The IP address should
# be placed in the first column followed by the corresponding host name.
# The IP address and the host name should be separated by at least one
# space.
#
# Additionally, comments (such as these) may be inserted on individual
# lines or following the machine name denoted by a '#' symbol.
#
# For example:
#
# 102.54.94.97 rhino.acme.com # source server
# 38.25.63.10 x.acme.com # x client host

127.0.0.1 local host
192.168.1.2 games.com
191.87.221.2 server 2 .example.com
10.10.10.38 learning .edu

Read more details තව කියවන්න .

3 comments:

  1. අගෙයි... WAMP මත WPMU ස්ථාපනය ගැන කියලා දෙන්න පුළුවනිද??

    ඒ වගේම WPMU වගේ එකක් පාවිඩ්ඩි කරද්දි ඩේටාබේස් එක ලොකු වෙන්න ලොකුවෙන්න වෙබ් අඩවිය අස්ථාවර තත්වයකට පත් වෙනවා කියන්නෙ ඇත්තද? ටිකක් පැහැදිලි කරන්න පුළුවන්ද??

    ReplyDelete
  2. අහලා බලන්නම්... ස්තුතියි. :)

    ReplyDelete

latest virus and spyware detection