Thursday, March 4, 2010

පරිගණක ජාල ආශ්‍රිතව භාවිතා කල හැකි විධානයන්

මේ ටිකත් බලන්න මේවා පරිගණක ජාල ආශ්‍රිතව භාවිතා කල හැකි විධානයන්

විධානය = C:\ >net view
දැනට අප සම්බන්ධව සිටින workgroup හෝ domain වැනි පරිගණක ජාලවල ඇති පරිගණක ලැයිස්තුව පෙන්වනු ලබයි.

විධානය = C:\ >net view /domain
අප සම්බන්ධව ඇති පරිගණක ජාලවල ඇති domains පෙන්වයි

විධානය = C:\ >net view /domain:[YourDomainName]
අප දන්නා පරිගණක ජාලයක domain name එක [YourDomainName] ස්ථානයට ලබාදුන් පසු එම domain එකක ඇති පරිගණක ලැයිස්තුව පෙන්වනු ලබයි.


විධානය = C:\ >net view \\‍‍[computername]
අප දන්නා පරිගණකයක් හදුන්වන නම මේ ආකාරයට ලබාදුන් පසු එම පරිගණකයේ share කර ඇති සියලුම ගොනු හා මුද්‍රණ යන්ත්‍ර ලැයිස්තුව පෙන්වනු ලබයි.

Command prompt එකේ විධාන මගින් ගොනුවක් share කරමු.
විධානය = C:\>net share ShareName=drive:\FullPath
විධානය = C:\>net share ShareName=cddrive:\
විධානය = C:\>net share ShareName /delete

විධානය = C:\ >net start [ServiceName]
සේවාවක් ආරම්භ කිරීම මෙම විධානයෙන් කල හැක.

විධානය = C:\ >net stop [ServiceName]
සේවාවක් නැවැත්වීම කිරීම මෙම විධානයෙන් කල හැක.

2 comments:

  1. net send එක ගැන නෑනේ

    ReplyDelete
  2. ආ... ඔවිනෙ .... මම ඔක්කොම ගැන හිතුවේ නැහැ. මට භාවිතා වෙන ඒවා තමා ලිවිවේ...

    ReplyDelete

latest virus and spyware detection