Tuesday, March 30, 2010

LAN connection Media type

Local area Network (LAN) වලදි භාවිතා කරන Connection media type ගැන චුට්ටක් ලියන්න හිතුණා. අපි වැඩිදුර ඉගන ගන්නකොට මූලික දේවල් අමතක වෙනවනේ. ඉතිං LAN වලදී අපට අපි වැඩිපුරම භාවිතා කරන්නේ එහෙමත් නැත්නම් අවශ්‍ය වන්නේ පහත සදහන් කොටස්......
1. RJ45 connectors
2. UTP (Unshielded Twisted pair) Cable
3. NIC (Network Interface Card)

ඉතිං මේවා ගැන ලියන කොට ඉක්මනටම ලියන්න පුලුවන්දේ තමයි RJ45 connectors. අපි කවුරුත් දන්න අපේ නිවෙස් වල තියෙන රැහැන් සහිත දුරකථන සම්බන්ධ කිරීමට භාවිතා කරන connector (RJ11) වර්ගයට වඩා ටිකක් ලොකු connector එකක් තමා RJ45 connector කියන්නේ ඔන්න පිංතූරෙකුත් තියෙනවා බලන්නකො.
ඊට පස්සේ අපි බලමු පරිගණක ජාල වලදී භාවිතා කරන රැහැන් වර්ග ගැන. ෆයිබර් ඔප්ටික් වැනි රැහැන් වර්ග තිබුනත් අපි සාමාන්‍යයෙන් භාවිතා කරන්නේ STP හා UTP. Shielded Twisted Pair (STP) කියලා තිබුණත් ඒවයේ මිළ වැඩිකම වැනි නොයෙක් හේතු නිසා අපි පාවිච්චි කරන්නේ UTP (Unshielded Twisted Pair) Cable නේ. මේ UTP රැහැන් වලත් වර්ග තියෙනවා. අපි සාමාන්‍ය ව්‍යවහාරයේදී මේවා Cat1, Cat2, Cat3 වශයෙන් හදුන්වනවා.

Cable Category
Cat1 (Category 1)- මේවා භාවිතා කරන්නේ දුරකථන රැහැන් සදහා මේවාගෙන් දත්ත ගමන් කරවීම සදහා සුදුසු නැහැ.
Cat2 (Category 2)- මෙම රැහැන් වල නම් උපරිම 4Mbps වේගයකින් දත්ත ගෙනියන්න පුලුවන් උනාට දත්ත ගමනා ගමනයේ වැඩි වේගයක් ලබා ගන්න බැහැ.
Cat3 (Category 3)- මේ වර්ගය භාවිතා කරන්නේ 10BASE-T වර්ගයේ ජාලවල. මේවා භාවිතයේදී 10Mbps උපරිම වේගය දක්වා දත්ත ගෙනියන්න පුලුවන්.
Cat4 (Category 4)- අපි දන්න Token Ring ජාලකරණය සදහා මේ වර්ගයේ රැහැන් භාවිතයට ගන්නවා. 16Mbps දක්වා වේගය වේගයකින් දත්ත ගෙනියන්න පුලුවන්.
Cat5 (Category 5)- 100Mbps වැනි උපරිම වේගයකින් දත්ත ගෙනයාම සදහා මෙම වර්ගය භාවිතා කරනවා. අපි ජාලකරණයේදී වැඩියෙන් භාවිතා කරන්නේ මේවනේ.
Cat5e (Category 5e)- මෙම රැහැන් වල උපරිම වේගය 1000Mbps. අපි ජාලකරණයේදී වැඩි වේගයකින් දත්ත ගෙනයාම සදහා මෙම වර්ගයත් භාවිතා කරනවා.
Cat6 (Category 6)- මේකෙත් 1000Mbps වැනි උපරිම වේගයකින් සත්ත ගෙනියන්න පුලුවන්. මේ cable එකේ රැහැන් යුගල 4 කි තියෙනවා. එම රැහැන් වල තඹ කම්බියේ පරිමාණය24 ක් (24-gauge). මේ වර්ගයත් සාමාන්‍යයෙන් භාවිතයට ගැනෙනවා.

ඉතිං පොදුවේ ගත්තාම පරිගණක ජාල සදහා Cat5, Cat5e, Cat6 තමා භාවිතා කරන්නේ.තවත් මතක් කරන්න ඕන මේ Ethernet cable වල විශේෂයන් තියෙනවා මම ඉහතින් ලිව්ව 10BASE- T වගේ. අපිට මේ වගේ විශේෂණයන් තේරැම් ගන්නත් ඕන වෙනවා.
* මේතන 10 ලෙස සදහන් වන්නේ දත්ත ගෙනයාමේ උපරිම වේගය.
* BASE ගෙස සදහන් වන්නේ මෙය Ethernet වලට පාදක (Baseband) එකක් යන්නයි.
* අන්තිමට තියෙන T අකුර මගින් කියවෙන්නේ Twisted pair කියන එක

Segment කියන්නේ මොකද්ද
Segment කියන්නේ මොකද්ද කියන එක දැනගෙන සිටීමත් ජාලගතකරණයේදී ඉතා වැදගත්. Segment එකක් කියන්නේ පරිගණක ජාල සදහා භාවතා කරනු ලබන මොනයම් හෝ රැහැන් වර්ගයක් නොකැඩී තනි කේබලයක් ලෙස යෙදියහැකි උපරිම දුර. තව විශේෂ දෙයක් ලියන්නම ඕන මේ දුරත් කේබලයෙන් කේබලයට වෙනස් වෙනවා. ඔන්න එහෙනම් ඒගැන තමයි පහත තියෙන්නේ.

රැහැන් වල පහත සදහන් විශේෂණයන් අද වෙළදපොලේ දකින්න පුලුවන්. මම ඉහතින් ලියපු Cat1, Cat2, Cat3 රැහැන් වර්ග වල පහත සදහන් විශේෂණයන්ගේ රැහැන් දකින්න පුලුවන් ඒ ඒ රැහැන් වලට අනුව එක රැහැනක් නොකඩවා යෙදීමට හැකි දුර (Segment) තීරණය වෙනවා.

10BASE-T
Twisted pair රැහැන් වර්ගයක් වන මෙම රැහැන් මීටර 100 ක උපරිම දුරක් එක Segment එකක් සදහා යෙදිය හැක. තව මේ වර්ගයට 10Mbps Ethernet කියලත් කියනවා

10BASE-FL
Fiber Optic රැහැන් වර්ගයක් වන මෙම රැහැන් මීටර 2000 ක උපරිම දුරක් එක Segment එකක් සදහා යෙදිය හැක. මේ වර්ගය දත්ත හසුරවන්නේ 10Mbps වේගයකින්.

100BASE-TX
Twisted pair රැහැන් වර්ගයක් වන මෙම රැහැන් මීටර 100 ක උපරිම දුරක් එක Segment එකක් සදහා යෙදිය හැක. තව මේ වර්ගයට 100Mbps Ethernet කියලත් කියනවා

100BASE-FX
Fiber Optic රැහැන් වර්ගයක් වන මෙම රැහැන් මීටර 400 ක උපරිම දුරක් එක Segment එකක් සදහා යෙදිය හැක. මේ වර්ගය දත්ත හසුරවන්නේ 100Mbps වේගයකින්.

1000BASE-T
Twisted pair රැහැන් වර්ගයක් වන මෙම රැහැන් මීටර 100 ක උපරිම දුරක් එක Segment එකක් සදහා යෙදිය හැක. තව මේ වර්ගයට 1000Mbps වේගයකින් දත්ත හසුරවන්න පුලුවන් මේවාට Gigabit Ethernet කියලත් කියනවා.

1000BASE-LX
මෙම වර්ගයට Gigabit Ethernet කියනවා වගේම මෙම වර්ගයේ රැහැන් වර්ග තුනක් දැකිය හැක. 62.5μ හා 50μ ප්‍රමාණයේ ඒවාහි Segment එකක් සදහා මීටර 550 වන අතර 10μ ප්‍රමාණයේ ඒවාහි Segment එකක් කිලෝමීටර 10 ක් වේ.
මේවා Fiber Optic රැහැන් ‍ වර්ගයකි.

1000BASE-SX
Fiber Optic රැහැන් වර්ගයක් වන මේවාට Gigabit Ethernet යයි කියනු ලබනවා. මෙම වර්ගයේ රැහැන් වර්ග දෙකක් දැකිය හැක. 62.5μ ප්‍රමාණයේ ඒවාහි Segment එකක් සදහා මීටර 250 වන අතර 50μ ප්‍රමාණයේ ඒවාහි Segment එකක් මීටර 550 ක් වේ.

1000BASE-CX
Gigabit Ethernet වර්ගයක් වන මේවා තඹ රැහැන් විශේෂයකි. මෙම රැහැන් මීටර 25 ක උපරිම දුරක් එක Segment එකක් සදහා යෙදිය හැක.

Connecting Method
Twisted pair රැහැන් වර්ග RJ45 connector එක සමග සම්බන්ධ කිරීම ක්‍රම දෙකකට දැකිය හැකියි. ආ...... මේකත් මතක තියා ගන්න RJ45 jack කියන්නේ RJ45 connector එක සම්බන්ධ වන අනිත් කොටස (Network Card එක පැත්තේ තියෙන්නෙ)
පළමු ක්‍රමය -- > Straight-through (කේබලයේ RJ45 connector එක හා සම්බන්ධ වන දෙපැත්තම T568A හෝ T568B යට සම්මතයන්ට අනුව විය යුතුයි.)
දෙවන ක්‍රමය-- > Crossover (RJ45 connector එක හා සම්බන්ධ වන එක පැත්තක් T568A සම්මතයට හා T568B සම්මතයට යව දෙආකාර විය යුතුයි.)

RJ45 jack එකක pin 8 නම් කරන්නේ මෙහෙමයි.
1. TX+
2. TX-
3. RX+
4. NC
5. NC
6. RX-
7. NC
8. NC

Straight-through ca
ble method
පින් අටම connector යේ දෙපැත්තේම රැහැන් එක ලෙස සම්බන්ධ කල යුතුයි ඒ කියන්නේ පලමු පින් එක අනික් පැත්තේ පලමු එක සමගද ‍2 වන පින් එක අනික් පැත්තේ 2 වන එක සමගද ආදී වශයෙන් සැකසූ කේබලය පහත සදහන් උපාංග සම්බන්ධ කරගැනිමට යොදාගත හැක.

1. Switch එකක් හා Router
2. Switch එකක් හා සාමාන්‍ය පරිගණකයක්
3. Switch එකක් හා පරිගණක සර්වරයක්
4. Hub එකක් හා සාමාන්‍ය පරිගණකයක්
5. Hub එකක් හා පරිගණක සර්වරයක්

Crossover cable method
Crossover ක්‍රමයට කේබල සෑදීමට පලමු පින් එක අනික් පැත්තේ 3 වන පින් එක සමගද, ‍2 වන පින් එක අනික් පැත්තේ 6 වන එක සමගද, ‍3 වන පින් එක අනික් පැත්තේ 1 වන එක සමග හා ‍6 වන පින් එක අනික් පැත්තේ 2 වන එක සමග හා ඉතුරැ පින් ටික ඒ ඒ අදාල අංක අනුව ඒ පින් එකටම (කොලයක් අරගෙන මේ විදියට පින් ටික ඇඳලා බලන්න එතකොට වැඩේ ලේසියි) සැකසූ කේබලය පහත සදහන් උපාංග සම්බන්ධ කරගැනිමට යොදාගත හැක.

1. Switch එකක් හා Switch එකක්
2. Switch එකක් හා Hub එකක්
3. Hub එකක් හා Hub එකක්
4. Route එකක් හා Router එකක්
5. Router එකක් හා සාමාන්‍ය පරිගණකයක්
6. සාමාන්‍ය පරිගණක දෙකක්

4 comments:

  1. පට්ට මචෝ.. සිරාවටම පට්ට දිගටම කරගෙන යන්න. ජය වේවා

    ReplyDelete

latest virus and spyware detection