Wednesday, March 3, 2010

Microsoft Windows Command prompt එ‍කෙන් වැඩ ගනිමු.

රූපක මුහුණත් නිසා වදවී යන
Microsoft Windows Command prompt එ‍කෙන් වැඩ ගනිමු.


MS Windows command prompt එකෙන් කරන්න පුලුවන් දේවල් අප්‍රමාණයි මට හිතුණා මම දන්න හෝ ඉගන ගන්න ප්‍රයෝජනවත් දේවල් ටික හැමෝටම කියන්න. හැබැයි මේ විධානයන් ලබාදීමට Admin ලෙස පරිගණකයට log වි සිටිය යුතුයි. Admin ලෙස පරිගණකයට log වි command prompt (DOS prompt) එකේ සිට user account සමග වැඩ කරන ආකාරය බලමු.

මම හිතන්නේ මේවා ගැන මේ වෙන කොටත් හොදින් දන්නා පිරිස් අප අතර ඇති. ඒ අය ඉන්නවානම් පොඩි comment එකක් දාලා යන්න. එතකොට මට වැරදි ඇතොත් නිවැරදි කරගන්න පුලුවන්නෙ.

විධානය = C:\>net user
ප්‍රතිපලය=පරිගණකයක ඇති සියලුම User ලගෙ ලැයිස්තුව බලන්න මේකෙන් පුලුවන්.

විධානය = C:\>net user [UserName] [password] /Add
මෙම විධානය මගින් අලුත් user කෙනෙකු අපේ localgroup තුල create කල හැක

විධානය = C:\>net localgroup (group Name)
local group බලන්න නම් මේක දීලා බලන්න.

විධානය = C:\>net group
Domain controller එකක සිටින විට security group බලන විධානය මේක.

විධානය = C:\>net user [username] [password] /add
නව user කෙනෙක් local ලැයිස්තුවට එක් කිරිම (මෙහිදි මොහු ඉබේම local group එකට Add වේ.)

විධානය = C:\>net local group [group name] [username] /add
දැනට සිටින user කෙනෙක් වෙනත් local group එකකට එක් කිරිම කරලා බලන්න.

විධානය = C:\>net user [username] [newpassword]
user කෙනෙකුගේ රහස්පදය වෙනස් කිරීමට පුලුවන්.

විධානය = C:\>net user [username] /del
local ලැයිස්තුවේ user කෙනෙකු delete කිරිම

උදාහරණයකුත් මෙන්න.
නව user කෙනෙකු Buddhika නමින් local ලැයිස්තුවට එක් කිරිම හා ඔහුට Test@987 ලෙස Password එකක් ලබාදීම.
විධානය = C:\>net user Buddhika Test@987 /Add
(User name =Buddhika, Password =Test@987)

විධානය = C:\>net localgroup /add /comment:"Power Users" Buddhika
Power user group එකට Buddhika නමි user සාමාජිකයෙක් කරමු.

User කෙනෙකු delete කිරිමට උදාහරණයකුත් පහත ඇති බලන්න.
විධානය = C:\>net user Buddhika /del

ඔන්න Buddhika user ව අපි delete කරලා ඉවරයි. ඒත් එයාගෙ profile එක තවම තියෙනව‍ා ඒකත් ඉවත් කරන්න නම් පහත ඇති අයුරින් විධානය ලබාදී බලන්න.
විධානය = C:\> rd /s “c:\documents and settings\buddhika”

1 comment:

  1. To find out more useful command line tools
    Open Windows Help & Support Center -->
    pick any help topic -- > Open Tools in See Also --> Scroll to bottom

    Cheers !!!

    ReplyDelete

latest virus and spyware detection