Wednesday, March 10, 2010

වෙනත් කෙනෙකුගේ පරිගණකයක User Accounts වෙනස් කරමු

හැබැයි මේ වැඩේ කරන්නනම් Network කරල තියෙන්නත් ඕන. වෙනස් කම කිරීමට සැරසෙන පරිගණකයේ Administrator User Account එකක User name හා password දැනගෙන තියෙන්න ඕන. එහෙමනම් දැන් වැඩේ පටන්ගමු.
My Computer අයිකන් එකමත right click කර එහිදී එන Menuව මත ඇති Manage යන්න click කිරීමෙන් හෝ Start බොත්තම ඔබා Control Panel යට ගොස් එහි Performance and Maintenance මත click කර Administrative Tools යන්න තේරීමෙන්ද Computer Management තිරය ලබාගත හැක.
Computer Management තිරයේ Computer Management (Local) යන වචනය මත මවුසයේ දකුණු බොත්තම එබීමෙන් පසු Connect to Another Computer යන්න තෝරා ගත හැක. ඉන් පසු අප login වීමට බලාපොරොත්තු වන පරිගණකයේ නම හෝ අයිපී ලිපිනය ලබා දීමෙන් පසු අදාල පරිගණකයට ඇතුලුවීම සදහා User name එක හා මුරපදය ලබාදෙන්න.
දැන් විවෘත වන Windows වේ. Local userහා Group මත දෙවරක් click කර Users යන්න තෝරා එය දෙවරක් click කිරීමෙන් එම පරිගණකයේ සිටින User list එක පෙන්වන අතර දැන් ඔබට Local Computer යේ මෙන්ම මෙම ස්ථානයේදී log වන ලද පරිගණකයේද මෙම තිරයේ සියල්ල පාලනය කල හැක.

බලලා comment එකක් දාන්නකෝ

No comments:

Post a Comment

latest virus and spyware detection