Thursday, June 3, 2010

අනගාරික ධර්මපාල තුමා කරන ලද ප්‍රකාශයක්.

අනගාරික ධර්මපාල තුමා 1926 දී කරන ලද ප්‍රකාශයක් මේක ගැන ගොඩක් අයට එක එක ඒවා හිතෙයි.
ඇත්තටම මේ දේ වෙලාද ටිකක්වත් වෙලාද ?



මතක තියා ගනිල්ලා කවදා හරි සුද්දෝ මේ රට දාලා යනවා. උන් යන්නේ උන්ගේ දරුවෝ වගේ විසි තිස් දාහක් බෝකලාට පස්සෙයි.ඊට පස්සේ මේ අපේ රට පාලනය කරන්නේ මේ කළු සුද්දෝ. උන් උඹලගේ දරුවන්ට උගන්නාවි ජාති ආගම් යන බේදයක් එපා කියලා. දෙමලත් මරක්කලයත්, හම්බයත් කොච්චියත්, බෝරා කාරයත් එකයි කියලා. උන් කියාවි මේ රට උන් ඔක්කොමටම අයිති කියලා. එහෙම කියලා උන් ඉංග්‍රීසියම රජ කරාවි. පන්සල් වටේ පල්ලි කෝවිල් හදාවි. උඹලා උඹලා වෙනුවෙන් දියසෙන් කුමාරයා ඉපදෙන තුරු බලා ඉන්නවා. උපදින්න ඉන්න දියසේන ලා තිඹිරි ගෙයිම මරා දමන්න මේ කළු සුද්දන්ට පුළුවන් බව මතක තියා ගනිල්ලා. අපේ හාමුදුරුවන්ට උන් එදාට ඉනා බේත් දෙනවා. ඉන් පස්සේ උඹලෑ කොල්ලෝ කෙල්ලන්‍ට ඇටි කෙහෙල් කාපු රිලව් වගේ නියෝ නියෝ ඉන්න සිද්ද වේවි.

8 comments:

  1. සම්පූර්ණ ඇත්ත කතාවක්. දැනටත් ඒක සිද්ධ වෙනවා. අපි තේරුම් නොගත්තට.

    ReplyDelete
  2. ලංකාවේ හිටපු නො 01කේ අන්තවාදියා තමා අනගාරික ධර්මපාල කියන්නේ. ඔය කියන කළු සුද්දෝ හින්දා තමා ලන්කාව අද මේ විදියටවත් තියෙන්නේ නැත්තන් අද මෙහෙම රටක් නෑ. ඉතියෝපියාවටත් අන්තයි.

    ReplyDelete
  3. හිරන්තJune 3, 2010 at 9:40 PM

    මල් මාමා,!!! මේ තකතීරුවා කවුද?

    ReplyDelete
  4. පුලස්තිJune 3, 2010 at 9:49 PM

    ධර්මපාල තුමා කියන්නේ, පෙර සියවසේ මේ රටේ සිංහල බෞද්ධ උරුමය රකින්න මූලිකත්වය ගෙන කටයුතු කරපු ගිහි උත්තමයෙක්. දැන් අනගාරික තුමාටත් ප්‍රසිද්ධියේම අපහාස කරන්න මේ රටේම උපන් අවජාතකයන්ට කොන්ද පණ ඇවිල්ලා. එතුමා වගේ අය නොහිටින්න ඔය කටමැත දොඩවන පල් බූරුවන්ට උනත් දැන් ඉන්න වෙන්නේ නැට්ට රෙද්ද අස්සේ ගහගෙන. ඔය මල් මාමා කියන පාදඩයා, කරන්නේ හැංගි හොරා ඉඳගෙන සිංහල බෞද්ධ කමට පහර ගහන එක. මේ තක්කඩියා හිතන්නේ ඌ මහ ලොකු ඊනියා ලිබරල් වාදී අදහස් තියෙන නිදහස් සත්ත්වයෙක් කියලයි. අනේ මුන් දන්න නිදහස! තමන්ගේ ස්වාමීවරුන්ගේ පස්ස ලොවන මේ වගේ උන් කරන්නේ කුලියට කහින එකයි. ඒක් තමා උන්ගේ නිදහස... ඔයවගේ කාපුතැන පහරන උන් මේ රටේ හැමදාමත් හිටියා. ඉන්නවා. මතුවටත් ඉඳීවී. ඒත් ධර්මපාල තුමා වගේ කොන්ද පණ තියෙන සිංහලයෝ බිහිවෙන්නේ ශතවර්ශයකටම එක්කෙනයි. මල් මාමේ, තමුන්නාන්සෙගෙ නිවටකම හොඳටම පේනවා, පුලුවන්නම් ඇත්ත නමින් ලියනවකො, හැංඟෙන්නේ නැතුව...

    ReplyDelete
  5. @මල් මාමා
    හැබැයි මාමෙ ලංකාවතුල පාසැල් අධ්‍යාපනයට උනත් ධර්මපාල තුමාගෙ චරිතය ඇතුලත් කරපුතැන් එමටයි නේද ???
    එතකොට අපේ රටේ අධ්‍යාපනයත් අන්තගාමීද?

    @පුලස්ති
    එක පැත්තකින් හරිදේ කථා කරනවානමි හරිකෙනෙක් විදියට පෙනී සිටිය යුතුයි කියන කථාවත් ඇත්ත තමා .....

    ReplyDelete
  6. පුලස්තිJune 4, 2010 at 3:53 PM

    මට ආයෙත් දෙයක් ලියන්න හිතුනා.. බුද්ධික, මල්මාමා ගෙන් අහපු දේ දැකලා.
    ලංකාවේ අධ්‍යාපනය ගැන නම් කතාකරලා වැඩක් නැහැ. මේ තරම් දීන අනුකාරක අධ්‍යාපනයක් නම් ලෝකේ කොහෙවත් නැතුව ඇති. ඒ දේ කියන්නේ මම හොඳට තේරුම් ඇතුව. මොකද මමත් නිදහස් අධ්‍යාපනය ලබලා දැනට මොරටුව විශ්වවිද්‍යාලයේ ඉන්ජිනේරු උපාධිය හදාරමින් තමා ඉන්නේ. ඒ නිසාම මම හොඳටම දන්නවා ලංකාවේ අධ්‍යාපනයේ තරම. මේ පිළිබඳව නම් පොතක් උනත් ලියන්න පුළුවන්.
    පාසල් අධ්‍යාපනයට ධර්මපාල තුමාගේ චරිතය ඇතුලත් කළා තමයි. නමුත් එතනින් කළෙත් ධර්මපාල තුමාගේ ප්‍රතිපත්ති, සාරධර්ම සමාජයට දීපු එක නෙමෙයි. එතනින් කලේ ධර්මපාල තුමාව විකුණපු එක. ඉතින් මේ ගැන නම් මෙච්චර පොඩ්ඩකින් කියන්න බැහැ. ඉතින් දැනට නවතින්නම්.
    ඔබතුමාගේ පෝස්ට් එකේ අහපු දේට මම පොඩි දෙයක් කියන්නම්... ලංකාවේ ඉන්න හා හිටපු කළු සුද්දෝ නිසා තමා පහුගිය කාලයේ කොටි ඇවිල්ලා හමුදාවට පස්ස පැත්ත පෙන්නනලා යනකම් මුකුත් නොකර නිවටයෝ වගේ බලන් ඉන්න අපට සිද්ධ උනේ. මොකද කළු සුද්දෝ තමා අපිට මෙච්චර කල් නායකත්වය දුන්නේ. ඉස්සරහට ත් කළු සුද්දෝ පෝලිම් ගැහිලා බලාගෙන ඉන්නවා අපිට නායකත්වය දෙන්න. අනගාරික ධර්මපාල තුමා කියපු හැම වචනයකම තේරුමක් තියෙනවා. මෙන්න මේ දේ අපි තේරුම් ගනිමු.

    ReplyDelete
  7. හිතවත් බුද්ධික, ඔබ මේ ගෙනහැර දක්වපු අනගාරික ධර්මපාල තුමා විසින් දේසා වදාලා යයි කියන වැකිය එලි දැක්වීම සම්බන්ධව ඔබට ස්තුථියි. මේ වැකියට මල් මාමා ලියා ඇති කොලම දුටුවිට, එය සැබැ ලෙසම සත්‍යයක් බව වඩාත් ප්‍රත්‍යක්ෂ වෙයි. මල් මාමා නමින් ලස්සන නම් දා ගෙන ඉන්න සැබෑ හතුරෝ මේ රටේ නැත්නම් ඔබ තුලින් මේ ධර්මපාල තුමාගේ වැකිය එලි දැක්වෙන්නේද නැත. අපි මල් මාමාටත් ස්තුථි කරමු.

    චන්ද්‍ර සේන පණ්ඩිතගේ

    ReplyDelete
  8. නම වැදගත් නැහැ කියන දේ ඇත්ත නම්.

    ReplyDelete

latest virus and spyware detection