If you could not read in "Sinhala Language" properly. Please download and install "Unicode" For Sinhala from http://www.siyabas.lk site freely..
Wednesday, March 3, 2010
Microsoft Windows Command prompt එකෙන් වැඩ ගනිමු.
Microsoft Windows Command prompt එකෙන් වැඩ ගනිමු.
MS Windows command prompt එකෙන් කරන්න පුලුවන් දේවල් අප්රමාණයි මට හිතුණා මම දන්න හෝ ඉගන ගන්න ප්රයෝජනවත් දේවල් ටික හැමෝටම කියන්න. හැබැයි මේ විධානයන් ලබාදීමට Admin ලෙස පරිගණකයට log වි සිටිය යුතුයි. Admin ලෙස පරිගණකයට log වි command prompt (DOS prompt) එකේ සිට user account සමග වැඩ කරන ආකාරය බලමු.
මම හිතන්නේ මේවා ගැන මේ වෙන කොටත් හොදින් දන්නා පිරිස් අප අතර ඇති. ඒ අය ඉන්නවානම් පොඩි comment එකක් දාලා යන්න. එතකොට මට වැරදි ඇතොත් නිවැරදි කරගන්න පුලුවන්නෙ.
විධානය = C:\>net user
ප්රතිපලය=පරිගණකයක ඇති සියලුම User ලගෙ ලැයිස්තුව බලන්න මේකෙන් පුලුවන්.
විධානය = C:\>net user [UserName] [password] /Add
මෙම විධානය මගින් අලුත් user කෙනෙකු අපේ localgroup තුල create කල හැක
විධානය = C:\>net localgroup (group Name)
local group බලන්න නම් මේක දීලා බලන්න.
විධානය = C:\>net group
Domain controller එකක සිටින විට security group බලන විධානය මේක.
විධානය = C:\>net user [username] [password] /add
නව user කෙනෙක් local ලැයිස්තුවට එක් කිරිම (මෙහිදි මොහු ඉබේම local group එකට Add වේ.)
විධානය = C:\>net local group [group name] [username] /add
දැනට සිටින user කෙනෙක් වෙනත් local group එකකට එක් කිරිම කරලා බලන්න.
විධානය = C:\>net user [username] [newpassword]
user කෙනෙකුගේ රහස්පදය වෙනස් කිරීමට පුලුවන්.
විධානය = C:\>net user [username] /del
local ලැයිස්තුවේ user කෙනෙකු delete කිරිම
උදාහරණයකුත් මෙන්න.
නව user කෙනෙකු Buddhika නමින් local ලැයිස්තුවට එක් කිරිම හා ඔහුට Test@987 ලෙස Password එකක් ලබාදීම.
විධානය = C:\>net user Buddhika Test@987 /Add
(User name =Buddhika, Password =Test@987)
විධානය = C:\>net localgroup /add /comment:"Power Users" Buddhika
Power user group එකට Buddhika නමි user සාමාජිකයෙක් කරමු.
User කෙනෙකු delete කිරිමට උදාහරණයකුත් පහත ඇති බලන්න.
විධානය = C:\>net user Buddhika /del
ඔන්න Buddhika user ව අපි delete කරලා ඉවරයි. ඒත් එයාගෙ profile එක තවම තියෙනවා ඒකත් ඉවත් කරන්න නම් පහත ඇති අයුරින් විධානය ලබාදී බලන්න.
විධානය = C:\> rd /s “c:\documents and settings\buddhika”
Sunday, January 24, 2010
Host name එක එයට අදාළ IP ලිපිනය සොයාගෙන යාම?
මම අද මෙම මාතෘකාව පිළිබදව ලිපියක් කියවපු නිසා එය පිළිබදව තව කෙනෙකු දැනුවත් කිරීමට සිතුවා. Host name එක කියන්නේ යම්කිසි පරිගණයකට ලබාදෙන නමක් හෝ නමක් වෙනුවට ලබාදෙන තවත් නමක්. අනික තමා මෙම නම ලබා දෙන්නේ TCP/IP Host උපාංගයක් ලෙස හදුනා ගැනීමටයි. පරිගණක ආශ්රිත උපාංගයකට මෙම Host name එක සදහා අකුරු 255 ක් භාවිතා කල හැකි වේ. මෙම අකුරු සදහා ඉංග්රිසි අකුරු,ඉලක්කම්,තිත (නැවතීමේ ලකුණ) හා හරස් කෙටි ඉර ( hyphen ) භාවිතා කිරීමට හැකිවේ. තවද එකම පරිගණකයකට හෝ ඒ ආශ්රිත උපකරණයකට Host name කිහිපයක් ලබාදිය හැකියි.
Host name එක තැම්පත් කිරීම සදහා එහෙමත් කැත්නම් Host name resolve වීම සිදුවිමට අපහට DNS සර්වරයක් හෝ ඒ සදහා අදාල පරිගණකයේ හෝ ඒ ආශ්රිත උපාංගයේම යම් ගොනුවක් භාවිතා කිරීමට හැක.
Host File
Host name එම (local) පරිගණකයේ resolve කර ගැනීමට එහෙමත් නැතිනම් Host name එක එයට අදාළ IP ලිපිනය සොයාගෙන යාමට හැකි පරිදි ක්රියාත්මක වීමට උපයෝගී වන්නේ Host File එකයි. තවද මෙම ක්රමය ආයතනයක සෑම පරිගණකයකම හෝ ජාලගත සෑම පරිගණකයකම Host File එක සැකසීම අපහසුවේ. මෙයට ඇති විසදුම ලෙස අපට DNS සර්වර් භාවිතා කල හැක.
මෙම Host File එක ගබඩා වී ඇති ස්ථාන වින්ඩෝස් හා ලිනක්ස් පද්ධති වල වෙනස් වෙනවා.ලිනක්ස් ස්ථාපනය කර ඇති පරිගණක වල “/etc/hosts” ස්ථානයේද වින්ඩෝස් ස්ථාපනය කර ඇති පරිගණක වල වින්ඩෝස් පද්ධතිය ස්ථාපනය කර ඇති දෘඩ තැටි Partition එකෙහි \% system root%\System 32\drivers\etc\hosts යන ස්ථානයේද ගබඩා වී ඇත.
Linux/Unix --> /etc/hosts
Windows 3.1/95/98/ME --> c:\windows\hosts
Windows NT/2000/XP Pro --> c:\winnt\system32\drivers\etc\hosts or c:\windows\system32\drivers\etc\hosts
Windows XP Home --> c:\windows\system32\drivers\etc\hosts
Netware --> SYS:ETC/HOSTS
Apple --> System Folder:Preferences and in the System Folder itself.
මේ තියෙන්නේ ආදර්ශ Host File එකක්.
# This is a sample HOSTS file used by Microsoft TCP/IP for Windows.
#
# This file contains the mappings of IP addresses to host names. Each
# entry should be kept on an individual line. The IP address should
# be placed in the first column followed by the corresponding host name.
# The IP address and the host name should be separated by at least one
# space.
#
# Additionally, comments (such as these) may be inserted on individual
# lines or following the machine name denoted by a '#' symbol.
#
# For example:
#
# 102.54.94.97 rhino.acme.com # source server
# 38.25.63.10 x.acme.com # x client host
127.0.0.1 local host
192.168.1.2 games.com
191.87.221.2 server 2 .example.com
10.10.10.38 learning .edu
Read more details තව කියවන්න .
Monday, January 18, 2010
මතකද? 2009 මැයි 18 දින
අපේ රටට ඉතා වටිනා අතීතයක් සංස්කෘතියක් ඇති බව කුඩාකලදිම අපට කියා දෙන්නේ අපේ මව්පියන්ය. ඉන් පසු අධ්යාපනය ලබන අවධියේදී ගුරුවරැන් කියා දේ. මම හිතන්නේ මම මේ හිතපු ටික නිවැරදි ඇති. කොහොම උනත් ලංකාවෙ බොහෝ අයට තියෙන ලොකුම ප්රශ්ණය තමා දේශපාලනය. ඔය මාතෘකාව ආවාම සේරම අමතකයි. සමහර අයට පවුල් පංසල් ඉදන් මතක නැහැ.
කොහෙම උනත් මහින්ද මහත්තයා යුද්දෙ අවසන් කලානෙ..... කලා බීලා ඉන්නත් මිනිස්සු ඉන්න ඕනනෙ අනික දැන් බස් රථයක යන කොට බලන්න අහල පහල අය සිගරට් බොනවද කියලා.....
මගේ පුද්ගලික මතය මම කිසිම පක්ෂයකට දොස් කියන්න යන්නෙ නැහැ. පක්ෂ පාට අත ඇරලා මේ පාර මහින්ද මහත්තයට ඡන්දය දෙමු.
මෙයින් පසු මැතිවරණ වලදි ඕන දෙයක්. නමුත් පටු දේශ පාලන අදහස් නිසා ශ්රී ලාංකීකයන් ගේ උරැමයන් විනාශ වීමට ඉඩ නොතබමු.
Saturday, September 26, 2009
දැන ගත යුතුම පාසැලක්.........
තවද 2009 ශ්රී ලංකා පාසැල් පලදායිතා සම්මානය සදහාද මෙම පාසැල නිර්දේශවී ඇති අතර මේ සියලු හපන්කම් සදහා නායකත්වය හා මග පෙන්වීම පාසැලේ ගරු විදුහල්පතිනියගෙනි.ඉතා මෑත ඉතිහාසයක් ඇති මෙම පාසැල මෙතරම් කෙටි කාලයක් තුල මෙවැනි මට්ටමකට රැගෙන ඒමට තම කාලය ශ්රමය හා දැනුම් සම්භාරය කැපකල ගරු විදුහල්පතිනිය පිලිබදව ශ්රී ලංකාවතුල පිහිටි අනෙකුත් පාසැල්ද මහත් ආඩමිබරයට පත්විය යුතුය. මෙම වකවානුව තුල ශ්රී ලංකා පාසැල් පද්ධතියේ විවිධ විශමතාවයන් හා අඩුපාඩු ඉස්මතුවද්දී පාසැල් විදුහල්පතිනිය, ගුරුමණ්ඩලය හා සිසුවියන් එක්ව දිගින් දිගටම තම පාසැල විවිධ වූ ජයග්රහණයන් කරා යොමුකරවීම පිලිබදව වගකිවයුත්තව්ගේ විශේෂ අවධානය ලක්විය යුතුවේ.
පාසැලේ ගුරුමණ්ඩලය හා සිසුවියන්ට ගමට රටට ආඩම්බරයක් ගෙන දීමට තම පෙෘද්ගලික කාර්යන් පසෙකලා උපරිම වෙහෙසක් ගත් ගරු විදුහල්පතිනියට තවතවත් ඉදිරියට මෙම පාසැල ගෙනයාමට අවශ්ය ශක්තිය හා උදව් උපකාර ලැබේවා!! එතුලින් අපේ ගමට අපේ මව් රටට අතිවිශාල සෙතක් සිදුවේවා!!!!
Tuesday, August 11, 2009
පරිගණකය ක්රියාත්මක කිරීමට හැකි (boot කිරීමට) pen drive එකක් සෑදීම
හැබැයි අද සයිබර් අවකාශයේ මේවගේ දේවල් සුලබයි. විවිධ පද්ධති මෘදුකාංග හා නොයෙකුත් පුද්ගලයින් විසින් ක්රමලේඛනය කරන ලද විවිධ ක්රමයන් සොයා ගැනීම ඉතාම පහසුයි. නමුත් මගේ අරමුණ හැමෝම දකින්න ඇතිනේ.
මේ සදහා මම තෝර ගත්තේ Slax කියලා තියෙන විවෘත මෘදුකාංග ඝනයට ගැනෙන මෙහෙයුම් පදෟධතියක්. ඔන්න පියවර ටික ..... ආ... තව දෙයක් ලියන්නම ඕන මෙලෙස සකසා ගැනීමට බලාපොරොත්තු වෙන pen drive එකේ දත්ත පලමුව Backup කරගන්න.
1 වන පියවර-- මෙයට අවශ්ය වන ගොනුව මෙතනින් භාගත කර ගන්න.
2 වන පියවර-- භාගත කර ගන්නා ලද tar ගොනුව extract කර ගන්න.
3 වන පියවර-- extract කරන ලද ගොනුව තුල ඇති slax හා boot යන ගොනු දෙක ඔබගේ pen drive එකට පිටපත් කර ගන්න.
4 වන පියවර-- දැන් Terminal එක විවෘත කරගෙන ඔබගේ pen drive එක cd විධානය මගින් යන්න.
5 වන පියවර-- Pen drive එක තුල slax හා boot යන ගොනු දෙක විතරනෙ තියෙන්නේ දැන් boot නමි ගොනුව තුලට ගොස් එහි ඇති bootinst.sh නමි විධානය ක්රියාවේ යොදවන්න (මෙලෙස ./bootinst.sh).
6 වන පියවර-- එවිට ලැබෙන උපදෙස් පිලිපදින්න. එවිට සියල්ල සාර්ථක වේවි.
මෙය Pen drive එක මගින් boot කල හැකි පරිගණකයක් මගින් අත්හදා බලන්න. ඔබට මේ පිලිබදව වැඩිපුර විස්තර අවශ්ය නම් Slax අඩවියට ගොස් ගන්න.