Tuesday, April 28, 2009

මොනවද මේ System Restore

Windows XP හි ඇති වඩා ප්‍රයෝජනවත් උපාංගයක් ත‍මා මේ System Restore කියන්නේ. ඇත්තටම මෙහිදී කෙරෙන්නේ නැවත පෙර තිබු තත්වයකට (දින හා කාල වකවානු ඇතුව) අපේ මෙහෙයුම් පද්ධතිය පත් කිරීමයි. පෙර තිබු තත්වයට පත් කිරිමටනම් එම තත්වය තිබු දිනයක් හා වේලාවක් කොතනක හෝ සටහන් වීම අවශ්‍ය යයි ඔබට දැනටමත් හැගීගොස් ඇත.Read More-ඉතිරිය කියවන්න

Default Windows මෙහෙයුම් පද්ධතිය තෝරා ගැනීම

පරිගණකයක Windows පවුලේ මෙහෙයුම් පද්ධති එකකට වැඩි ප්‍රමාණයක් ස්ථාපිත කර ඇති විට අපට default මෙහෙයුම් පද්ධතිය අප කැමති අයුරින් ගැනීමට ක්‍රම කිහිපයකි. මේ එක් ක්‍රමයක් .

1. පළමුව පරිගණකයට Administrator ලෙස logon වෙන්න.

2. ඉන්පසු Start බොත්තම Click කර එහි ඇති My Computer icon එක මත Right මවුසය click කර Properties යන Menu ව තෝරන්න එවිට System Properties නමින් Dialog Box එකක් මතුවේ.

3. System Properties නමින් ඇති Dialog Box එකෙහි Advanced tab එක තෝරන්න.

4. එහි යටම Startup and Recovery නමින් ඇති කොටසේ Setting නමින් ඇති Button එක Click කර පසු Startup and Recovery නමින් සංවාද කොටුවක් ලැබේවි.

5. එහි Default යටතේ ඇති Drop Down මෙනුවෙන් අපට මෙහෙයුම් පද්ධති එකකට වැඩි ප්‍රමාණයක් ස්ථාපිත කර ඇති විට අපි default කිරිමට කැමති Operating System තෝරාගෙන Ok බොත්තම ඹබන්න. (මෙහිදී අපට පරිගණකයට ස්ථාපනය කර ඇති මෙහෙයුම් පද්ධති නාමාවලිය දිස්වී තිබිය යුතු වේලාවද තත්පර වලින් සැකසිය හැක.)

6. දැන් Apply හා ඉන් පසුව OK බොත්තමද ඔබන්න. ඉන්පසු දැන් පරිගණකය Restart කර බලන්න. (මෙම සකසා ගැනීම් C: partition හි ඇති boot . ini ගොනුව සංස්කරණය කිරිමෙන්ද කල හැක.)

Windows XP හි Desktop icon ලබා ගැනීම

අපේ පරිගණකයේ Desktop icon හා Task bar මොනිටරයේ දිස්වන්නේ නැතිනම් explorer.exe දෝශ සහිත වන්නට පුලුවන. මෙවැනි අවස්ථාවල winlogon විසින් explorer.exe හි වෙනත් පිටපත් ඉබේම ලබාදීම කරනු ලබයි. එසේත් නොවන අවස්ථාවල ඔබට Ctrl + Alt +Delete යතුරු එකවර ක්‍රියාකරවා එහි Window එකෙහි Application නම් tab එක තෝරා එහි New Task මත click කර Program Name එක ලෙස explorer යෙදීම තුලින් මෙම ගැටලුව නිරාකරණය කර ගත හැක. (තව එකක් මතක තියා ගන්න winlogon හා explorer.exe ගොනු තද බල ලෙස හානි වුවහොත් මෙය කිරීමට නොහැකි වේ.)

boot.ini  missing ගැටලුව

මෙම ගැටලුව පැමිණි විට. පහත පියවරවල් අනුගමනය කරමින් දෝෂය නිරාකරණය කරගැනීමට උත්සාහ ගන්න.

1. Windows XP මෙහෙයුම් පද්ධතිය ඇති CD එකකින් පරිගණකය පණ ගන්වා එහිදි ලැබෙන පලමු තෝරා ගැනිම් තුලින් Windows Recovery Console එක සක්‍රිය කිරිමට R අකුර ඔබන්න.

2. උපදෙස් පිලිපදිමින් Administrator සදහා ලබාදී ඇති රහස් පදය ලබාදි Recovery Consol එකට Log වෙන්න. දැන් මෙලෙස type කරන්න.

bootcfg /rebuild දැන් Enter කරන්න.

3. පරිගණකය restart කරන්න.

මෙලෙස කිරිමෙන් හෝ ඔබ විසින් boot .ini ගොනුව සුරක්ෂිත කර ඇත්නම් එය නැවත C:\ partition හි (මෙහෙයුම් පද්ධතිය ස්තාපනය කර ඇති partition එක C: යැයි සලකා ) root එකට copy කිරීමෙන් මෙම ගැටලුව නිරාකරණය කරගත හැක.

Windows XP හි boot.ini ගොනුව backup කරගන්නා ආකාරය

ඔබගේ පරිගනකයට මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය කල පසු boot.ini ගොනුව Backup කර වෙනත් ස්ථානයක තබා ගැනීම මෙහෙයුම් පද්ධතියේ boot.ini ගැටලු ඇතිවූ විට ඉතා වාසිදායක තත්වයකි.

1. Start බොත්තම Click කර එහි ඇති Run මත cmd යනුවෙන් type කර Enter යතුර ඔබන්න. එවිට මතුවන Command Prompt එකෙහි පහත අයුරින් type කරන්න.

C:\Documents and Settings\LogonUserName>cd

C:\> attrib _ -s _ -h _ -r boot.ini

C:\> copy _ boot.ini _ D:\boot.ini

මෙහි D: යනු වෙනත් Partition එකකි මෙය floppy diskette එකකට හෝ Flash Drive පිටපත් කර සුරක්ෂිතව තබාගත හැක. එසේ කිරීමෙන් පසු නැවත පහත විධානය ලබාදී boot.ini ගොනුව Readonly හා Hidden කරන්න

C:\> attrib _ +s _ +h _ +r _ boot.ini

(Underscore “_” සංකේතය ඇති තැන් හි Underscore වෙනුවට Space තබන්න)

Friday, April 24, 2009

මගේ බ්ලොග් එකේ තියෙන Dropdown menu එක

මගේ බ්ලොග් එකේ තියෙන Dropdown menu එක හැමෝම දකින්න ඇතිනේ.. ඉතින් අද මට හිතුනා ඒක අපේ බ්ලොග් එකකට දාන ආකාරය ගැන ලියන්න. ඔන්න ඔයාලටත් මේ Dropdown menu එක ප්‍රයෝජනවත් වෙයි.

1. ඔබගේ Blogger blog එකට Edit කිරීමට අවශ්‍ය පරිදි ප්‍රවේශවී එහි Layout වෙතට යන්න.

2. දැන් Add new gadget මත click කර පහත රූපයේ පරිදි HTML/Javascript ආකාරයේ gadget කොටස තෝරා එහි ඇති (+) Plus ලකුණ ඔබන්න.

3. එහි Title නැමැති කොටසට කැමති Heading එකක් යොදා ඊට පහතින් ඇති Content කොටසට පහත ඇති script පිටපත් කර paste කරන්න. මෙම script එකේ ඇති වෙබ් ලිපින වෙනුවට ඔබගේ ලිපින අවශ්‍ය පරිදි යොදාගන්න.

<script
type="text/javascript">
<!--
function
dropdown(mySel)
{
var myWin, myVal;
myVal =
mySel.options[mySel.selectedIndex].value;
if(myVal) {
if(mySel.form.target)myWin =
parent[mySel.form.target]; else myWin = window; if (! myWin) return
true;< myWin.location =
myVal; }
return false;
}
//-->
</script>
<form
action="../cgi-bin/redirect.pl" method="POST"
onsubmit="return dropdown(this.gourl)">
<select
name="gourl">
<option
value="http://www.moodle.org"/>Moodle
<option
value="http://www.joomla.org"/>Joomla
<option
value="http://itbuddhika.blogspot.com"/>IT-Buddhika
<option
value=""/>Choose
jump link
</select>
<input
value="Go"
type="SUBMIT"/>
</form>

4. හා...හා... දැන් Save කර ඔබගේ Blog එකට ගොසින් Refresh පාරක් දාලා Dropdown menu එක වැඩද බලන්න. ඉහත පියවර අනුගමනය කලානම් වැඩේ වරදින්න බැහැ.

Tuesday, April 21, 2009

Windows XP ස්ථාපනය කල හැකි ආකාර

Windows XP මෙහෙයුමි පද්ධතිය ස්ථාපනය කලහැකි ක්‍රමයන්.

සමාන්‍යයෙන් Windows XP මෙහෙයුමි පද්ධතිය ස්ථාපන ආකාරයන් තුනකි.
1. Clean installation
2. Upgrade installation
3. Multi booting installation

1. Clean installation
යනු දැනට මෙහෙයුමි පද්ධතියක් ස්ථාපනය නොකල හෝ වැඩි දියුණු (Upgrade) කිරීමට නොහැකි මෙහෙයුමි පද්ධතියක් ඇති පරිගණකයකට Windows මෙහෙයුමි පද්ධතිය ස්ථාපනය කිරීමයි . මෙය Fresh installation යන නමින්ද හදුන්වයි.

2. Upgrade installation
දැනට ඇති මෙහෙයුමි පද්ධතියට වැඩිදියුණු කල මෙහෙයුමි පද්ධතියක් ස්ථාපනය කිරීම මෙනමින් හදුන්වයි.

3. Multi booting installation
අප සතුව ඇති පරිගණකය තුල දැනට ඇති මෙහෙයුමි පද්ධතියට අමතරව තවත් මෙහෙයුමි පද්ධතියක් ස්ථාපනය කර මෙහෙයුමි පද්ධති එකකට වැඩි ප්‍රමාණයක් ස්ථාපනය කිරීම මෙසේ හදුන්වයි.

Windows XP Updates වල ප්‍රබේද

1. Hotfixes - යනු වින්ඩොස් XP මෙහෙයුම් පද්ධතිය භාවිතා කරන පාරිභෝගිකයන් විසින් ඔහුන්ට මෘදුකාංග හෝ දෘඩාංග සමග ඇතිවන දෝෂ MicroSoft ආයතනය වෙත දැන්විමෙන් පසු එම හදුනාගත් දෝෂ සදහා පමණක් මෘදුකාංග කොටස් ක්‍රමලේඛනය කර දෙනු ලබයි. එසේ නිකුත් කරනු ලබන මෘදුකාංග කොටස් සියලුම පාරිභෝගිකයන්ගේ දෘඩාංග හා මෘදුකාංග සමග ගලපා නොමැත. එහෙයින් ගැටලුව ඇතිවන පාරිභෝගිකයාගේ ගැටලු පමණක් මෙයින් නිරාකරණය කර ගත හැක. support.microsoft.com වෙබ් අඩවිය තුලින් මෙම Hotfixes භාගත කිරීමට සලස්වා ඇත.

2 Service Packs - Windows මෙහෙයුමි පද්තිය පාරිභෝගිකයින් වෙත නිකුත් කලදා සිට මේ දක්වා නිකුත් කල සියඑම Hotfixes එකතුකර සාදනු ලබන මෘදුකාංග සදහා Windows Service Pack යන නාමය ලබාදී ඇත සමාන්‍යයෙන් service packs නිකුත් කිරීමට ප්‍රථම Microsoft ආයතනය විසින් “beta “ පිටපත් දෙකක් හෝ ඊට වැඩි ප්‍රමාණය නිකුත් කරනු ලබයි. Service packs මාස 06 සිට වසර 02 දක්වා කාලපරාසයන් තුල නිකුත් වෙ. මේවා නිකුත් කරනු ලබන්නේ සියඑම Windows පාරිභෝකයින් සදහාය.

3 Rollups - අවසන් service pack නිකුත් වීමෙන් පසුවද මෘදුකාංග හා දෘඩාංග වල දෝෂ වින්ඩොස් XP මෙහෙයුම් පද්ධතිය භාවිතා කරන පාරිභෝගිකයන් විසින් දැන්වීමෙන් පසු නැවතත් hotfixes නිකුත් කරනු ලබයි මෙලෙස hotfixes සැලකිය යුතු ප්‍රමාණයක් නිකුත් කිරීමෙන් පසු ඒවායේ ඉතා වැදගත් hotfixes එකතුකර සමාන්‍යය අත්හදා බැලීමි වලින් පසු නිකුත් කරනු ලබන මෘදුකාංග කොටස් rollups ලෙස හදුන්වනු ලබයි. මෙම rollups පාරිභෝගිකයන් විශාල පිරිසක් අරභයා නිකුත් කරනු ලබන අතර මේ සදහා ස්ථිර කාල පරාසයක් නොමැත.

4 Critical updates - පාරිභෝගිකයන් බොහෝ පිරිසක් අතර පරීක්ෂා කිරීමෙන් පසු නිකුත් කරනු ලබන මෙම මෘදුකාංගයෙහි අන්තර්ගතව ඇත්තේ Windows ඇති ආරකෂිත අවදානමි (security risk) සදහා පිලියමිය. මෙවා Windows යාවත්කාලීන කිරීම් සමගම පාරිභෝගිකයින් වෙත ලබාදේ. සාමාන්‍යයෙන් මසකට වරක් පමණ Critical updatesනිකුත් වේ.

5 Optional Updates - යනු Windows හි ඇති සමහරක් මෘදුකාංග කොටස් යාවත්කාලීන කිරීම සදහා නිකුත්වන මෘදුකාංගයන්ය - මෙහිදී Windowsහි ඇති සමහරක් මෘදුකාංගයෙහි නව මෘදුකාංග පිටපත් හෝ වැඩිදියුණු ක්‍රියාකාරී කොටස් නිකුත් වේ.

latest virus and spyware detection