Tuesday, April 28, 2009

Default Windows මෙහෙයුම් පද්ධතිය තෝරා ගැනීම

පරිගණකයක Windows පවුලේ මෙහෙයුම් පද්ධති එකකට වැඩි ප්‍රමාණයක් ස්ථාපිත කර ඇති විට අපට default මෙහෙයුම් පද්ධතිය අප කැමති අයුරින් ගැනීමට ක්‍රම කිහිපයකි. මේ එක් ක්‍රමයක් .

1. පළමුව පරිගණකයට Administrator ලෙස logon වෙන්න.

2. ඉන්පසු Start බොත්තම Click කර එහි ඇති My Computer icon එක මත Right මවුසය click කර Properties යන Menu ව තෝරන්න එවිට System Properties නමින් Dialog Box එකක් මතුවේ.

3. System Properties නමින් ඇති Dialog Box එකෙහි Advanced tab එක තෝරන්න.

4. එහි යටම Startup and Recovery නමින් ඇති කොටසේ Setting නමින් ඇති Button එක Click කර පසු Startup and Recovery නමින් සංවාද කොටුවක් ලැබේවි.

5. එහි Default යටතේ ඇති Drop Down මෙනුවෙන් අපට මෙහෙයුම් පද්ධති එකකට වැඩි ප්‍රමාණයක් ස්ථාපිත කර ඇති විට අපි default කිරිමට කැමති Operating System තෝරාගෙන Ok බොත්තම ඹබන්න. (මෙහිදී අපට පරිගණකයට ස්ථාපනය කර ඇති මෙහෙයුම් පද්ධති නාමාවලිය දිස්වී තිබිය යුතු වේලාවද තත්පර වලින් සැකසිය හැක.)

6. දැන් Apply හා ඉන් පසුව OK බොත්තමද ඔබන්න. ඉන්පසු දැන් පරිගණකය Restart කර බලන්න. (මෙම සකසා ගැනීම් C: partition හි ඇති boot . ini ගොනුව සංස්කරණය කිරිමෙන්ද කල හැක.)

No comments:

Post a Comment

latest virus and spyware detection