ඔබගේ පරිගනකයට මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය කල පසු boot.ini ගොනුව Backup කර වෙනත් ස්ථානයක තබා ගැනීම මෙහෙයුම් පද්ධතියේ boot.ini ගැටලු ඇතිවූ විට ඉතා වාසිදායක තත්වයකි.
1. Start බොත්තම Click කර එහි ඇති Run මත cmd යනුවෙන් type කර Enter යතුර ඔබන්න. එවිට මතුවන Command Prompt එකෙහි පහත අයුරින් type කරන්න.
C:\Documents and Settings\LogonUserName>cd
C:\> attrib _ -s _ -h _ -r boot.ini
C:\> copy _ boot.ini _ D:\boot.ini
මෙහි D: යනු වෙනත් Partition එකකි මෙය floppy diskette එකකට හෝ Flash Drive පිටපත් කර සුරක්ෂිතව තබාගත හැක. එසේ කිරීමෙන් පසු නැවත පහත විධානය ලබාදී boot.ini ගොනුව Readonly හා Hidden කරන්න
C:\> attrib _ +s _ +h _ +r _ boot.ini
(Underscore “_” සංකේතය ඇති තැන් හි Underscore වෙනුවට Space තබන්න)
No comments:
Post a Comment