Monday, March 15, 2010

Boot.ini ගොනුව

මට හිතුණා Windows XP හි Boot.ini ගොනුව සංස්කරණය කිරීම හා සුරක්ෂිත (backup) කරගැනීම ගැන ටිකක් ලියන්න. හැබැයි සේරමටම කලින් සුරක්ෂිත (backup) කර ගැනීම වටින නිසා ඒ ගැන ලියනවා හොදද

සුරක්ෂිත (backup) කරගැනීම -- >
1 පියවර- My Computer මත දකුණු මවුසය click කර එහිදී එන මෙනුව මගින් Properties තෝරා එහි Advanced tab එකට යන්න.
(My Computer හි Properties තිරය Start – > Run හි sysdm.cpl ලෙස type කිරීමෙන්ද ලබා ගත හැක.)

2 පියවර- Advanced tab එකෙහි Startup and Recovery යන කොටසේ ඇති Settings නැමැති බොත්තම ඔබන්න.

3 පියවර- ඉන්පසු ලැබෙන තිරයේ System Startup නැමැති කොටසේ ඇති Edit බොත්තම ඔබා එහි ඇති සියල්ල copy කර ගන්න.

4 පියවර- දැන් Notepad එක විවෘත කර අපි copy කර ගත් සියල්ල එයට paste කර එය වෙනත් සුරැකිය හැකි ස්ථානයකට Save කරන්න. හැබැයි මෙහිදී මෙම ගොනුව Save කිරීමේදී Save as තිරයේ Save as type යන ස්ථානයේ All files යන්න තෝරා file Name එක ලෙස boot.ini ලෙසම ලබාදී save කර ගත යුතුය.

**** දැන් ඉතින් වැඩේ ගොඩ හදිසියේ boot.ini ගොනුව අස්ථානගත වී හෝ හානි වී ඇති බැව් දැනගත් වහාම මෙ‍ම ‍ෙගනුව Operating System එක ඇති harddisk partition එකට දැම්මාම ඔක්කොම හරි.

මේ තියෙන්නේ ආදර්ශ (sample)ගොනුවක්.
[boot loader]
timeout=30
default=multi(0)disk(0)rdisk(0)partition(1)\WINDOWS
[operating systems]
multi(0)disk(0)rdisk(0)partition(1)\WINDOWS="Microsoft Windows XP Professional" /noexecute=optin /fastdetect
multi(0)disk(0)rdisk(0)partition(2)\WINNT="Windows 2000 Professional" /fastdetect


සංස්කරණය කිරීම (Edit) -- >
දැන් ඉතින් මෙ‍ම boot.ini ගොනුව විවෘත කරගන්නා ආකාරය හැමෝම දන්නවානේ. ඒ නිසා මම එතනින් පසු ටික ලියන්නම්. ඉහතින් පෙන්වා ඇති ආදර්ශ ගොනුවේ ආකාරයට එහි Windows XP හා Windows 2000 මෙහෙයුම් පද්ධති දෙකක් ස්ථාපනය කර තියෙනවා.

ඉතිං මෙම ආදර්ශ ගොනුව හොදින් නිරීක්ෂනය කිරීමෙන් අපට මෙහෙයුම් පද්ධති දෙක දෘඩ තැටියේ පාටිශන් දෙකක ස්ථාපනය කැ ඇති බැව් දැක ගන්න පුලුවන්. අනික timeout=30 ලෙස පෙන්වන්නේ පරිගණකය Boot වීමේදී මෙහෙයුම් පද්ධති දෙක තෝරා ගන්නා මෙනුව කොතරම් වෙලා පෙන්විය යුතුද යන්නයි. ඉතිං එවැනි දේවල් වල වෙනස්නම් කරගන්න අපට පුලුවන්. තව මෙම ගොනුවේ default මෙහෙයුම් පද්ධතිය ලෙස partition(1)හි ඇති මෙහෙයුම් පද්ධතිය තෝරා තියෙනවා අපට එයද වෙනස් කල හැකියි.

ආ මේකෙ වැදගක්ම දේ තමයි අපි දන්න command line එකෙනුත් මේ Boot.ini ගොනුව සංස්කරණය කරන්න පුලුවන්. අපි ඒ ගැනත් ටිකක් බලමු.
1 පියවර- command line එකට යන්න හැමෝම දන්නවානේ. Start -- >Run. ගෝස් එහි cmd ලෙස type කර enter යතුර එබීමෙන්ද command prompt එක ගන්න පුලුවන්.

2 පියවර- දැන් command line ‍එක මත පහත අයුරින් type කර enter කරන්න. BOOTCFG /Copy /D "Windows XP Test OS" /ID 1
මෙහි "Windows XP Test OS" යන ස්ථානයට අපට ඕන දෙයක් type කරන්න පුලුවන් වගේම මෙහි ID 1 යනුවෙන් සදහන් වන්නේ 1 වන boot entry එක යන්නයි. කරලම බලන්න.

3 පියවර- මෙලෙස අපි දැම්ම boot entry එකක් මකන්නත් මෙතනින්ම පුලුවන් දැන් ඒක බලමු.
BOOTCFG /delete /ID 1
ඔච්චරයි . සිමිපල් මෙතඩි එක නේද?

4 පියවර- අපි අලුතින් එකතු කල boot entry එක පරිගණකය boot වීමේදී default කරන ආකාරයත් බලමු.
BOOTCFG /default /ID 1
ඒකත් හරි නේද?

5 පියවර- දැන් ඉතුරු වෙලා තියෙන්නේ Time Out හදන්න විතරයි ඔන්න ඒකෙත් ආදර්ශ විධානයක් ලියනවා. මතකයිනේ මම මුලින් කිව්වා මේ සේරම කරන්න කලින් Boot.ini ගොනුව backup කරගෙන ඉන්න පොඩි මිස්ටේක් එකක් උනොත් ආපහු දාගන්න පුලුවන්නේ.. හික්....
bootcfg /timeout 60
මේ timeout අගය දෙන්නේ තත්පර වලින්.

හැබැයි command promptඑකේ bootcfg /?. ලෙස type කර අපට සවිස්තරයක් ගන්න පුලුවන්. මේකත් මතක තියා ගන්න Windows XP Home Edition එකේ command line වල අපි කරන මේටික කරන්න බැහැ.

මේ කරපු සේරම ටික බලන්න පුලුවන් My Computer මත දකුණු මවුසය click කර එහිදී එන මෙනුව මගින් Properties තෝරා එහි Advanced tab එකට යන්න. Advanced tab එකෙහි Startup and Recovery යන කොටසේ ඇති Settings නැමැති බොත්තම ඔබන්න. ඉන්පසු ලැබෙන තිරයේ System Startup නැමැති කොටසේ ඇති Edit බොත්තම එබුවට පස්සේ අපි කරපු දේවල් බලන්න පුලුවන්(එහෙනම් බලන්නකෝ).

Boot.ini ගොනුව අස්ථාන ගතවීමේ හෝ දෝෂ සහිත වීම නිරාකරණය කර ගැනීම
වින්ඩෝස් Xp ඇති පරිගණකයක නිතර අහන්න ලැබෙන දෝෂයක් තමයි boot.ini ගොනුව අස්ථාන ගතවීම. මේක වින්ඩෝස් Xp භාවිතා කරන අපි හැමෝම දන්නවා නමුත් නවකයින්ට මේ ගැන සටහනත් එක් කරන එක හොදයි කියලා හිතුණා.

boot.ini ගොනුව අස්ථාන ගතවීම හෝ දෝෂ සහිත වීමේ ගැටලුව නිරාකරණය කිරීමට නම් අප ලග අපේ පරිගණකයේ වින්ඩෝස් Xp ස්ථාපනය කරන ලද සංයුතක්ත තැටිය හෝ එම වර්ගයේම පිටපතක් තිබීම අවශ්‍යයයි. ඒ විතරක් නෙමෙයි තව දෙයක් තියෙනවා අපගේ පරිගණකය සංයුතක්ත තැටි‍යෙන් boot වන ලෙස cmos මගින් සකසා තිබිය යුතුයි.

සමහර විටක අපි අපේ මෙහෛයුම් පද්ධතිය upgrade කරපු අවස්ථාවකත් මෙම දෝෂ ඇති වන්න පුලුවන්. අනික මේ නිසා Windows\System32\ හි ඇති Hal.dll ගොනුව ක්‍රියාක්මක නොවී යන්න පුලුවන්.

එහෙනම් වැඩේ පටන් ගමු.
1 පියවර- පරිගණකය පණගන්වා වින්ඩෝස් Xp CD එක දාන්න. අමතක කරන් එපා මේ අවස්ථාවේදී අපි පරිගණකය start කරන්නේ cd එකෙන්.

2 පියවර- වින්ඩෝස් Xp cd එකෙන් boot කලාට පස්සේ නවතින්නේ "Welcome to Setup" කියන නිල් පාට තිරයක එහි විවිධ තෝරා ගැනීම් තියෙනවා එයින් අපි Recovery Console යනුවෙන් ඇති තෝරා ගැනීම කල යුතු නිසා " R " අකුර ඔබනවා.

3 පියවර- තව දෙයක් මෙතනදි මතක් කරලා යන්න ඕන අපේ පරිගණකයට වින්ඩෝස් මෙහෙයුම් පද්ධති එකකට වැඩි ප්‍රමාණයක් අපි ස්ථාපනය කරලා තියෙනවානම් නිවැරදි මෙහෙයුම් පද්ධතිය තෝරා ගැනීම මෙම පියවරේදී කල යුතුයි.

4 පියවර- ඔන්න දැන් අපෙන් administrator පාස්වර්ඩ් එක අහනවා. දැන් ඒක ලබාදිය යුතුයි.

5 පියවර- දැන් ඉතින් අපි ඉන්නේ වින්ඩෝස් Xp වල තියෙන Recovery Console එකේ මෙතනදී සීමිත විධානයන් ප්‍රමාණයක් තමා run කරන්න පුලුවන් වෙන්නේ ඒවාට අපි Recovery Console command කියලා කියනවා. දැන් අපට අවශ්‍ය නම් විතරක් " bootcfg /list " කියන විධානය ලබාදී දැනට අපේ Boot.ini ගොනුවේ ඇති entries පරීක්ෂා කරන්න පුලුවන්. අනික මම කලින් ලිපියක කිව්වා වාගේ bootcfg විධානයෙන් Boot.ini ගොනුව යම් යම් සංස්කරණයන්ට භාජනය කරන්න පුලුවන්.

5 පියවර- ඔන්න ඉතිං Boot.ini ගොනුව නැවත සකසා ගැනීමට මෙන්න් මේ විධානය දෙන්න. “bootcfg /rebuild” දැන් අපේ දෘඩ තැටියේ ස්ථාපනය කර ඇති වින්ඩෝස් XP, 2000 හා NT වැනි මෙහෙයුම් පද්ධති පරීක්ෂා කර අපේ මෙහෙයුම් පද්ධති ගණන හා ඒවා ස්ථාපනය කර ඇති partitions ගැන විස්තර ලබා දෙනවා.

6 පියවර- ඊට පස්සෙ ඉතින් එයා අහන්නේ අපේ මෙහෙයුම් පද්ධතිය Boot.ini ගොනුවට ඇතුලත් කරන්නද කියලා ඒ ප්‍රශ්ණයට “Yes” කියන්න. දැන් අපට තියෙන්නේ Recovery Console එකෙන් ඉවත් වෙන්න ඒකට අපි “Exit” යනුවෙන් ටයිප් කර Enter කරන්න. ඔක්කොම හරි ඉතුරු වෙලා තියෙන්නේ restart කරන්නනේ.......

**** සැලකිය යුතුයි; ඔබගේ පරිගණකයේ ඇති configuration මත චූටි චූටි වෙනස්කම් වීමට ඉඩ ඇත.
අවශ්‍ය උනොත් Recovery Console විධානයන් ටිකක් මෙන්න :
1. Attrib- ගොනුවක attributes වෙනස් කරන්න මේකෙන් පුලුවන්.
2. Chdir- මේකෙන් වැඩ දෙකක් කරන්න පුලුවන් . අපි දැන් ඉන්න folder path එක බැලීම සහ වෙනත් folder යකට මාරු වීම.
3. Copy - මේක ඉතිං අපි දන්න Copy විධානයම තමා.
4. Delete- මේකත් ඉතිං අපි දන්න delete විධානයම තමා.
The delete command is used to delete a single file.

2 comments:

  1. multi(0)disk(0)rdisk(0)partition(1)\WINDOWS="Microsoft Windows XP Professional" /noexecute=optin /fastdetect
    multi(0)disk(0)rdisk(0)partition(2)\WINNT="Windows 2000 Professional" /fastdetect


    OS dekama fastdetect wenna bee neda?

    ReplyDelete
  2. maxa thanx අපිටත් command line ගැන කියලා දෙ‍නවට

    ReplyDelete

latest virus and spyware detection