Saturday, March 6, 2010

Other Commands (තවත් ප්‍රයොජනවත් විධාන කිහිපයක්)

විධානය = C:\>sc query
අපේ පරිගණකයේ ක්‍රියාත්මකව ඇති සේවාවන් හි (Services) හි ලැයිස්තුවක් ලබාගන්න මෙම විධානයෙන් පුලුවන්.

විධානය = C:\>sc query state=all
අපේ පරිගණකයේ දැනට ක්‍රියාත්මක වන හා දැනට ක්‍රියාත්මක නොවන සේවාවන් හි (Services) හි ලැයිස්තුවක් ලබාගන්න මෙම විධානයෙන් පුලුවන්.

විධානය = C:\>sc query messenger
Messenger සේවාවේ තත්වයන් පිරික්සන්න මෙමගින් පුලුවන්

විධානය = C:\>sc queryex dhcp
queryex මගින් ‍යම් කිසි සේවාවක දීර්ඝ විස්තරයක් බලාගන්න පුලුවන් මේ තියෙන්නේ dhcp සේවාවේ විස්තරය ලබා ගන්නා හැටි.

විධානය = C:\>sc query type=service type=interact
අපේ පරිගණකයේ ක්‍රියාත්මක වන අන්නෝන්‍ය ලෙස බලපැවැත්වෙන සේවාවන් හි (Services) හි ලැයිස්තුවක් ලබාගන්න මෙම විධානයෙන් පුලුවන්.

විධානය = C:\>sc \\[computerName|IP] query
වෙනත් පරිගණකයක ක්‍රියාත්මක වන සේවාවන් හි (Services) හි ලැයිස්තුවක් ලබා ගන්නත් පුලුවන්.

** තව අපිට command prompt එ‍කේ ඇති විධානයන් ‍හෝ එම විධානයන් වල උදවු සරල text file එකක් ලෙස save කරගන්න පුළුවන්. ‍මේ ඒකට උදාහරණයක් මෙහිදී “sc” යන විධානය භාවිතා කරන ආකාරය පිළිබද විස්තරය SChelp.txt ලෙස ගොනුවකට ලබාගත හැක.
C:\>sc /? > SChelp.txt

**ඒ විතරක් නෙවෙයි මෙම ගොනුව notepad එක මගින් command prompt එකේම සිට විවෘත කර බැලිය හැකියි. ඒ මෙන්න මේ ආකාරයටයි.
C:\>notepad SChelp.txt

No comments:

Post a Comment

latest virus and spyware detection