Wednesday, March 10, 2010

වෙනත් කෙනෙකුගේ පරිගණකයක User Accounts වෙනස් කරමු

හැබැයි මේ වැඩේ කරන්නනම් Network කරල තියෙන්නත් ඕන. වෙනස් කම කිරීමට සැරසෙන පරිගණකයේ Administrator User Account එකක User name හා password දැනගෙන තියෙන්න ඕන. එහෙමනම් දැන් වැඩේ පටන්ගමු.
My Computer අයිකන් එකමත right click කර එහිදී එන Menuව මත ඇති Manage යන්න click කිරීමෙන් හෝ Start බොත්තම ඔබා Control Panel යට ගොස් එහි Performance and Maintenance මත click කර Administrative Tools යන්න තේරීමෙන්ද Computer Management තිරය ලබාගත හැක.
Computer Management තිරයේ Computer Management (Local) යන වචනය මත මවුසයේ දකුණු බොත්තම එබීමෙන් පසු Connect to Another Computer යන්න තෝරා ගත හැක. ඉන් පසු අප login වීමට බලාපොරොත්තු වන පරිගණකයේ නම හෝ අයිපී ලිපිනය ලබා දීමෙන් පසු අදාල පරිගණකයට ඇතුලුවීම සදහා User name එක හා මුරපදය ලබාදෙන්න.
දැන් විවෘත වන Windows වේ. Local userහා Group මත දෙවරක් click කර Users යන්න තෝරා එය දෙවරක් click කිරීමෙන් එම පරිගණකයේ සිටින User list එක පෙන්වන අතර දැන් ඔබට Local Computer යේ මෙන්ම මෙම ස්ථානයේදී log වන ලද පරිගණකයේද මෙම තිරයේ සියල්ල පාලනය කල හැක.

බලලා comment එකක් දාන්නකෝ

Monday, March 8, 2010

(Useful Commands) විශේෂයෙන් නිතර දෙවේලේ අවශ්‍ය වන විධානයන් කිහිපයක්

අපගේ මෙහෙයුම් ස්ථාපනය කරපු දිනය හා වෙනත් පද්ධතියේ සවිස්තරයක් ගන්න මේ විධානය දීලා බලන්න
විධානය = C:\ >systeminfo

මේ පහල තියෙන විධානය හැමෝටම ඕන වේවි අපේ ව්න්ඩෝස් මෙහෙයුම් පද්ධති වල සක්‍රිය අක්‍රීය තාවය බලා ගන්න. මේක ඉතිං command prompt එකේම ගහන්න ඕන නැහැ. Start – > Run වල ගැහුවත් ඇති
විධානය =C:\WINDOWS\system32\oobe\msoobe /a

විධානය = C:\ >runas /user:administrator taskmgr
Task Manager වින්ඩෝව මෙමගින් ලබා ගත හැකි වුණාට තව ගොඩක් වැඩ තියෙනවා. අපිට මොනවා හරි මාදුකාංගයක් යම් user කෙනෙක් විදියට ක්‍රියාත්මක කරන්න ඕනනම් මෙතන user: වෙනුවට ඒ නම දෙන්න පුලුවන්. කරලම බලන්නකො.

Display DNS Cache Info: ipconfig /displaydns
Clear DNS Cache: ipconfig /flushdns
Release All IP Address Connections: ipconfig /release
Renew All IP Address Connections: ipconfig /renew
Re-Register the DNS connections: ipconfig /registerdns
Change/Modify DHCP Class ID: ipconfig /setclassid
Network Connections: control netconnections
Network Setup Wizard: netsetup.cpl
Test Connectivity: ping whatismyip.com
Trace Route: tracert
Displays the TCP/IP protocol sessions: netstat
Display Local Route: route
Display Resolved MAC Addresses: arp
Display Name of Computer Currently on: hostname
Display DHCP Class Information: ipconfig /showclassid
NameServer Lookup: nslookup keepads.com

Saturday, March 6, 2010

Other Commands (තවත් ප්‍රයොජනවත් විධාන කිහිපයක්)

විධානය = C:\>sc query
අපේ පරිගණකයේ ක්‍රියාත්මකව ඇති සේවාවන් හි (Services) හි ලැයිස්තුවක් ලබාගන්න මෙම විධානයෙන් පුලුවන්.

විධානය = C:\>sc query state=all
අපේ පරිගණකයේ දැනට ක්‍රියාත්මක වන හා දැනට ක්‍රියාත්මක නොවන සේවාවන් හි (Services) හි ලැයිස්තුවක් ලබාගන්න මෙම විධානයෙන් පුලුවන්.

විධානය = C:\>sc query messenger
Messenger සේවාවේ තත්වයන් පිරික්සන්න මෙමගින් පුලුවන්

විධානය = C:\>sc queryex dhcp
queryex මගින් ‍යම් කිසි සේවාවක දීර්ඝ විස්තරයක් බලාගන්න පුලුවන් මේ තියෙන්නේ dhcp සේවාවේ විස්තරය ලබා ගන්නා හැටි.

විධානය = C:\>sc query type=service type=interact
අපේ පරිගණකයේ ක්‍රියාත්මක වන අන්නෝන්‍ය ලෙස බලපැවැත්වෙන සේවාවන් හි (Services) හි ලැයිස්තුවක් ලබාගන්න මෙම විධානයෙන් පුලුවන්.

විධානය = C:\>sc \\[computerName|IP] query
වෙනත් පරිගණකයක ක්‍රියාත්මක වන සේවාවන් හි (Services) හි ලැයිස්තුවක් ලබා ගන්නත් පුලුවන්.

** තව අපිට command prompt එ‍කේ ඇති විධානයන් ‍හෝ එම විධානයන් වල උදවු සරල text file එකක් ලෙස save කරගන්න පුළුවන්. ‍මේ ඒකට උදාහරණයක් මෙහිදී “sc” යන විධානය භාවිතා කරන ආකාරය පිළිබද විස්තරය SChelp.txt ලෙස ගොනුවකට ලබාගත හැක.
C:\>sc /? > SChelp.txt

**ඒ විතරක් නෙවෙයි මෙම ගොනුව notepad එක මගින් command prompt එකේම සිට විවෘත කර බැලිය හැකියි. ඒ මෙන්න මේ ආකාරයටයි.
C:\>notepad SChelp.txt

Thursday, March 4, 2010

පරිගණක ජාල ආශ්‍රිතව භාවිතා කල හැකි විධානයන්

මේ ටිකත් බලන්න මේවා පරිගණක ජාල ආශ්‍රිතව භාවිතා කල හැකි විධානයන්

විධානය = C:\ >net view
දැනට අප සම්බන්ධව සිටින workgroup හෝ domain වැනි පරිගණක ජාලවල ඇති පරිගණක ලැයිස්තුව පෙන්වනු ලබයි.

විධානය = C:\ >net view /domain
අප සම්බන්ධව ඇති පරිගණක ජාලවල ඇති domains පෙන්වයි

විධානය = C:\ >net view /domain:[YourDomainName]
අප දන්නා පරිගණක ජාලයක domain name එක [YourDomainName] ස්ථානයට ලබාදුන් පසු එම domain එකක ඇති පරිගණක ලැයිස්තුව පෙන්වනු ලබයි.


විධානය = C:\ >net view \\‍‍[computername]
අප දන්නා පරිගණකයක් හදුන්වන නම මේ ආකාරයට ලබාදුන් පසු එම පරිගණකයේ share කර ඇති සියලුම ගොනු හා මුද්‍රණ යන්ත්‍ර ලැයිස්තුව පෙන්වනු ලබයි.

Command prompt එකේ විධාන මගින් ගොනුවක් share කරමු.
විධානය = C:\>net share ShareName=drive:\FullPath
විධානය = C:\>net share ShareName=cddrive:\
විධානය = C:\>net share ShareName /delete

විධානය = C:\ >net start [ServiceName]
සේවාවක් ආරම්භ කිරීම මෙම විධානයෙන් කල හැක.

විධානය = C:\ >net stop [ServiceName]
සේවාවක් නැවැත්වීම කිරීම මෙම විධානයෙන් කල හැක.

Wednesday, March 3, 2010

Microsoft Windows Command prompt එ‍කෙන් වැඩ ගනිමු.

රූපක මුහුණත් නිසා වදවී යන
Microsoft Windows Command prompt එ‍කෙන් වැඩ ගනිමු.


MS Windows command prompt එකෙන් කරන්න පුලුවන් දේවල් අප්‍රමාණයි මට හිතුණා මම දන්න හෝ ඉගන ගන්න ප්‍රයෝජනවත් දේවල් ටික හැමෝටම කියන්න. හැබැයි මේ විධානයන් ලබාදීමට Admin ලෙස පරිගණකයට log වි සිටිය යුතුයි. Admin ලෙස පරිගණකයට log වි command prompt (DOS prompt) එකේ සිට user account සමග වැඩ කරන ආකාරය බලමු.

මම හිතන්නේ මේවා ගැන මේ වෙන කොටත් හොදින් දන්නා පිරිස් අප අතර ඇති. ඒ අය ඉන්නවානම් පොඩි comment එකක් දාලා යන්න. එතකොට මට වැරදි ඇතොත් නිවැරදි කරගන්න පුලුවන්නෙ.

විධානය = C:\>net user
ප්‍රතිපලය=පරිගණකයක ඇති සියලුම User ලගෙ ලැයිස්තුව බලන්න මේකෙන් පුලුවන්.

විධානය = C:\>net user [UserName] [password] /Add
මෙම විධානය මගින් අලුත් user කෙනෙකු අපේ localgroup තුල create කල හැක

විධානය = C:\>net localgroup (group Name)
local group බලන්න නම් මේක දීලා බලන්න.

විධානය = C:\>net group
Domain controller එකක සිටින විට security group බලන විධානය මේක.

විධානය = C:\>net user [username] [password] /add
නව user කෙනෙක් local ලැයිස්තුවට එක් කිරිම (මෙහිදි මොහු ඉබේම local group එකට Add වේ.)

විධානය = C:\>net local group [group name] [username] /add
දැනට සිටින user කෙනෙක් වෙනත් local group එකකට එක් කිරිම කරලා බලන්න.

විධානය = C:\>net user [username] [newpassword]
user කෙනෙකුගේ රහස්පදය වෙනස් කිරීමට පුලුවන්.

විධානය = C:\>net user [username] /del
local ලැයිස්තුවේ user කෙනෙකු delete කිරිම

උදාහරණයකුත් මෙන්න.
නව user කෙනෙකු Buddhika නමින් local ලැයිස්තුවට එක් කිරිම හා ඔහුට Test@987 ලෙස Password එකක් ලබාදීම.
විධානය = C:\>net user Buddhika Test@987 /Add
(User name =Buddhika, Password =Test@987)

විධානය = C:\>net localgroup /add /comment:"Power Users" Buddhika
Power user group එකට Buddhika නමි user සාමාජිකයෙක් කරමු.

User කෙනෙකු delete කිරිමට උදාහරණයකුත් පහත ඇති බලන්න.
විධානය = C:\>net user Buddhika /del

ඔන්න Buddhika user ව අපි delete කරලා ඉවරයි. ඒත් එයාගෙ profile එක තවම තියෙනව‍ා ඒකත් ඉවත් කරන්න නම් පහත ඇති අයුරින් විධානය ලබාදී බලන්න.
විධානය = C:\> rd /s “c:\documents and settings\buddhika”

latest virus and spyware detection