මේ ගීතය කියන්නේ සුනිල් එදිරිසිංහ මහත්මයා විසින් මේකේ අමුතුම
හිත් ඇදගන්නා සුලු වචන භාවිතයක් තියෙනවා ඒකයි මට මෙහෙම ලියන්න හිතුනේ......
----------------------------------------------------------------------
ලක් වෑසියන් කෙරෙහි නෑමී
අරහත් මහ මිහිදු හිමී
පෙව්වෙ උතුම් සදහම් මී
පුත නුබටත් පොවමි එ මී
ජාතිය රන් විමනක් වේ
ආගම මිණි පහනක් වේ
එය රෑකගන්නට මෙලොවේ
සමත් වෙතොත් පුත නුබ වේ
මෙබදු උතුම් ලංකාවේ
දසතින් දුසිරිත් බෝවේ
මේ ගෑන වෑඩ කලොත් ලොවේ
නුබෙත් මගෙත් නම කියවේ
ඉටු කොට කල යුතු යුතුකම්
ලෑබුනත් ලොකෙන් ගෑරහුම්
ඉවසන්නට පුලුවන් නම්
නුබයි මගෙ පුතා උතුම්
තමන් ලෑබූ දිවි පෙවෙතේ
කොටසක් රට සමය වෙතේ
පුද නොකොලොත් නුබෙන් පුතේ
මෙලොවට කිසි ඵලක් නෑතේ
මේ ගැන වැඩකොට ඉමහත්
ලැබෙන දුකත් හිරි හැරයක්
නිවනට සරිකොට සිතතොත්
නුඔයි මගේ පුතා සමත්
කාටත් හිමි පොදු දේ නම්
නෑති බෑරි හිග අවහිරකම්
ඒ දෙ මෑඩ ගෙන දස්කම්
පෑම තම සුරුවිරුකම්
උස් තෑන් දෑක හෑකිලෙන්නෙ
මිටි තෑන් දෑක පුප්පන්නෙ
නිවටුන් බව සිතමින්නේ
මගේ පුතා ලොකුවෙන්නේ
ඔන්න මේ ගීතය අහන්න අනංමනං අඩවියේ තියෙනවා මේක චූටි 3MB විතර MP3 ගොනුවක් ඔයාලට ඕනනම් මෙතන ඔබන්න (දුකා තමයි කිව්වේ ලින්ක් එක දාන්න)
If you could not read in "Sinhala Language" properly. Please download and install "Unicode" For Sinhala from http://www.siyabas.lk site freely..
Tuesday, June 1, 2010
Tuesday, March 30, 2010
LAN connection Media type
Local area Network (LAN) වලදි භාවිතා කරන Connection media type ගැන චුට්ටක් ලියන්න හිතුණා. අපි වැඩිදුර ඉගන ගන්නකොට මූලික දේවල් අමතක වෙනවනේ. ඉතිං LAN වලදී අපට අපි වැඩිපුරම භාවිතා කරන්නේ එහෙමත් නැත්නම් අවශ්ය වන්නේ පහත සදහන් කොටස්......
1. RJ45 connectors
2. UTP (Unshielded Twisted pair) Cable
3. NIC (Network Interface Card)
ඉතිං මේවා ගැන ලියන කොට ඉක්මනටම ලියන්න පුලුවන්දේ තමයි RJ45 connectors. අපි කවුරුත් දන්න අපේ නිවෙස් වල තියෙන රැහැන් සහිත දුරකථන සම්බන්ධ කිරීමට භාවිතා කරන connector (RJ11) වර්ගයට වඩා ටිකක් ලොකු connector එකක් තමා RJ45 connector කියන්නේ ඔන්න පිංතූරෙකුත් තියෙනවා බලන්නකො.
ඊට පස්සේ අපි බලමු පරිගණක ජාල වලදී භාවිතා කරන රැහැන් වර්ග ගැන. ෆයිබර් ඔප්ටික් වැනි රැහැන් වර්ග තිබුනත් අපි සාමාන්යයෙන් භාවිතා කරන්නේ STP හා UTP. Shielded Twisted Pair (STP) කියලා තිබුණත් ඒවයේ මිළ වැඩිකම වැනි නොයෙක් හේතු නිසා අපි පාවිච්චි කරන්නේ UTP (Unshielded Twisted Pair) Cable නේ. මේ UTP රැහැන් වලත් වර්ග තියෙනවා. අපි සාමාන්ය ව්යවහාරයේදී මේවා Cat1, Cat2, Cat3 වශයෙන් හදුන්වනවා.
Cable Category
Cat1 (Category 1)- මේවා භාවිතා කරන්නේ දුරකථන රැහැන් සදහා මේවාගෙන් දත්ත ගමන් කරවීම සදහා සුදුසු නැහැ.
Cat2 (Category 2)- මෙම රැහැන් වල නම් උපරිම 4Mbps වේගයකින් දත්ත ගෙනියන්න පුලුවන් උනාට දත්ත ගමනා ගමනයේ වැඩි වේගයක් ලබා ගන්න බැහැ.
Cat3 (Category 3)- මේ වර්ගය භාවිතා කරන්නේ 10BASE-T වර්ගයේ ජාලවල. මේවා භාවිතයේදී 10Mbps උපරිම වේගය දක්වා දත්ත ගෙනියන්න පුලුවන්.
Cat4 (Category 4)- අපි දන්න Token Ring ජාලකරණය සදහා මේ වර්ගයේ රැහැන් භාවිතයට ගන්නවා. 16Mbps දක්වා වේගය වේගයකින් දත්ත ගෙනියන්න පුලුවන්.
Cat5 (Category 5)- 100Mbps වැනි උපරිම වේගයකින් දත්ත ගෙනයාම සදහා මෙම වර්ගය භාවිතා කරනවා. අපි ජාලකරණයේදී වැඩියෙන් භාවිතා කරන්නේ මේවනේ.
Cat5e (Category 5e)- මෙම රැහැන් වල උපරිම වේගය 1000Mbps. අපි ජාලකරණයේදී වැඩි වේගයකින් දත්ත ගෙනයාම සදහා මෙම වර්ගයත් භාවිතා කරනවා.
Cat6 (Category 6)- මේකෙත් 1000Mbps වැනි උපරිම වේගයකින් සත්ත ගෙනියන්න පුලුවන්. මේ cable එකේ රැහැන් යුගල 4 කි තියෙනවා. එම රැහැන් වල තඹ කම්බියේ පරිමාණය24 ක් (24-gauge). මේ වර්ගයත් සාමාන්යයෙන් භාවිතයට ගැනෙනවා.
ඉතිං පොදුවේ ගත්තාම පරිගණක ජාල සදහා Cat5, Cat5e, Cat6 තමා භාවිතා කරන්නේ.තවත් මතක් කරන්න ඕන මේ Ethernet cable වල විශේෂයන් තියෙනවා මම ඉහතින් ලිව්ව 10BASE- T වගේ. අපිට මේ වගේ විශේෂණයන් තේරැම් ගන්නත් ඕන වෙනවා.
* මේතන 10 ලෙස සදහන් වන්නේ දත්ත ගෙනයාමේ උපරිම වේගය.
* BASE ගෙස සදහන් වන්නේ මෙය Ethernet වලට පාදක (Baseband) එකක් යන්නයි.
* අන්තිමට තියෙන T අකුර මගින් කියවෙන්නේ Twisted pair කියන එක
Segment කියන්නේ මොකද්ද
Segment කියන්නේ මොකද්ද කියන එක දැනගෙන සිටීමත් ජාලගතකරණයේදී ඉතා වැදගත්. Segment එකක් කියන්නේ පරිගණක ජාල සදහා භාවතා කරනු ලබන මොනයම් හෝ රැහැන් වර්ගයක් නොකැඩී තනි කේබලයක් ලෙස යෙදියහැකි උපරිම දුර. තව විශේෂ දෙයක් ලියන්නම ඕන මේ දුරත් කේබලයෙන් කේබලයට වෙනස් වෙනවා. ඔන්න එහෙනම් ඒගැන තමයි පහත තියෙන්නේ.
රැහැන් වල පහත සදහන් විශේෂණයන් අද වෙළදපොලේ දකින්න පුලුවන්. මම ඉහතින් ලියපු Cat1, Cat2, Cat3 රැහැන් වර්ග වල පහත සදහන් විශේෂණයන්ගේ රැහැන් දකින්න පුලුවන් ඒ ඒ රැහැන් වලට අනුව එක රැහැනක් නොකඩවා යෙදීමට හැකි දුර (Segment) තීරණය වෙනවා.
10BASE-T
Twisted pair රැහැන් වර්ගයක් වන මෙම රැහැන් මීටර 100 ක උපරිම දුරක් එක Segment එකක් සදහා යෙදිය හැක. තව මේ වර්ගයට 10Mbps Ethernet කියලත් කියනවා
10BASE-FL
Fiber Optic රැහැන් වර්ගයක් වන මෙම රැහැන් මීටර 2000 ක උපරිම දුරක් එක Segment එකක් සදහා යෙදිය හැක. මේ වර්ගය දත්ත හසුරවන්නේ 10Mbps වේගයකින්.
100BASE-TX
Twisted pair රැහැන් වර්ගයක් වන මෙම රැහැන් මීටර 100 ක උපරිම දුරක් එක Segment එකක් සදහා යෙදිය හැක. තව මේ වර්ගයට 100Mbps Ethernet කියලත් කියනවා
100BASE-FX
Fiber Optic රැහැන් වර්ගයක් වන මෙම රැහැන් මීටර 400 ක උපරිම දුරක් එක Segment එකක් සදහා යෙදිය හැක. මේ වර්ගය දත්ත හසුරවන්නේ 100Mbps වේගයකින්.
1000BASE-T
Twisted pair රැහැන් වර්ගයක් වන මෙම රැහැන් මීටර 100 ක උපරිම දුරක් එක Segment එකක් සදහා යෙදිය හැක. තව මේ වර්ගයට 1000Mbps වේගයකින් දත්ත හසුරවන්න පුලුවන් මේවාට Gigabit Ethernet කියලත් කියනවා.
1000BASE-LX
මෙම වර්ගයට Gigabit Ethernet කියනවා වගේම මෙම වර්ගයේ රැහැන් වර්ග තුනක් දැකිය හැක. 62.5μ හා 50μ ප්රමාණයේ ඒවාහි Segment එකක් සදහා මීටර 550 වන අතර 10μ ප්රමාණයේ ඒවාහි Segment එකක් කිලෝමීටර 10 ක් වේ.
මේවා Fiber Optic රැහැන් වර්ගයකි.
1000BASE-SX
Fiber Optic රැහැන් වර්ගයක් වන මේවාට Gigabit Ethernet යයි කියනු ලබනවා. මෙම වර්ගයේ රැහැන් වර්ග දෙකක් දැකිය හැක. 62.5μ ප්රමාණයේ ඒවාහි Segment එකක් සදහා මීටර 250 වන අතර 50μ ප්රමාණයේ ඒවාහි Segment එකක් මීටර 550 ක් වේ.
1000BASE-CX
Gigabit Ethernet වර්ගයක් වන මේවා තඹ රැහැන් විශේෂයකි. මෙම රැහැන් මීටර 25 ක උපරිම දුරක් එක Segment එකක් සදහා යෙදිය හැක.
Connecting Method
Twisted pair රැහැන් වර්ග RJ45 connector එක සමග සම්බන්ධ කිරීම ක්රම දෙකකට දැකිය හැකියි. ආ...... මේකත් මතක තියා ගන්න RJ45 jack කියන්නේ RJ45 connector එක සම්බන්ධ වන අනිත් කොටස (Network Card එක පැත්තේ තියෙන්නෙ)
පළමු ක්රමය -- > Straight-through (කේබලයේ RJ45 connector එක හා සම්බන්ධ වන දෙපැත්තම T568A හෝ T568B යට සම්මතයන්ට අනුව විය යුතුයි.)
දෙවන ක්රමය-- > Crossover (RJ45 connector එක හා සම්බන්ධ වන එක පැත්තක් T568A සම්මතයට හා T568B සම්මතයට යව දෙආකාර විය යුතුයි.)
RJ45 jack එකක pin 8 නම් කරන්නේ මෙහෙමයි.
1. TX+
2. TX-
3. RX+
4. NC
5. NC
6. RX-
7. NC
8. NC
Straight-through cable method
පින් අටම connector යේ දෙපැත්තේම රැහැන් එක ලෙස සම්බන්ධ කල යුතුයි ඒ කියන්නේ පලමු පින් එක අනික් පැත්තේ පලමු එක සමගද 2 වන පින් එක අනික් පැත්තේ 2 වන එක සමගද ආදී වශයෙන් සැකසූ කේබලය පහත සදහන් උපාංග සම්බන්ධ කරගැනිමට යොදාගත හැක.
1. Switch එකක් හා Router
2. Switch එකක් හා සාමාන්ය පරිගණකයක්
3. Switch එකක් හා පරිගණක සර්වරයක්
4. Hub එකක් හා සාමාන්ය පරිගණකයක්
5. Hub එකක් හා පරිගණක සර්වරයක්
Crossover cable method
Crossover ක්රමයට කේබල සෑදීමට පලමු පින් එක අනික් පැත්තේ 3 වන පින් එක සමගද, 2 වන පින් එක අනික් පැත්තේ 6 වන එක සමගද, 3 වන පින් එක අනික් පැත්තේ 1 වන එක සමග හා 6 වන පින් එක අනික් පැත්තේ 2 වන එක සමග හා ඉතුරැ පින් ටික ඒ ඒ අදාල අංක අනුව ඒ පින් එකටම (කොලයක් අරගෙන මේ විදියට පින් ටික ඇඳලා බලන්න එතකොට වැඩේ ලේසියි) සැකසූ කේබලය පහත සදහන් උපාංග සම්බන්ධ කරගැනිමට යොදාගත හැක.
1. Switch එකක් හා Switch එකක්
2. Switch එකක් හා Hub එකක්
3. Hub එකක් හා Hub එකක්
4. Route එකක් හා Router එකක්
5. Router එකක් හා සාමාන්ය පරිගණකයක්
6. සාමාන්ය පරිගණක දෙකක්

NTLDR missing ගැටලුව මේ විදියට විසදගන්න
NT Loader කියන්නේ NTLDR නෙ. ඉතිං මේ NT Loader එකට හානිවීම හෝ මෙම NT Loader එකට අදාලව තියෙන ගොනු දෝෂ සහිත වීමෙන් හරි එම ගොනුව අස්ථානගත වීමෙන් අපේ මෙහෙයුම් පද්ධතිය නිසිලෙස බූට් නොවීමට පුලුවන්. මෙම ගොනු තියෙන්නේ වින්ඩෝස් ස්ථාපනය කරන ලද දෘඩ තැටි කොටසේ බව අමතක කරන්න එපා. ඉතිං ෆෝමැට් කරන්න හරි Windows XP වල තියෙන අලුත්වැඩියා ක්රියාවලිය කරන්න හරි කලින් මම මේ කියන්න යන ක්රමයත් කරලා බලන්න.
අනික තමා boot.ini ගොනුවේ ඇතිවන ගැටලු වලට වගේම ntldr ගැටලු නිරාකරණය කර ගැනීමට නම් අප ලග අපේ පරිගණකයේ වින්ඩෝස් XP ස්ථාපනය කරන ලද සංයුතක්ත තැටිය හෝ එම වර්ගයේම පිටපතක් තිබීම අවශ්යයයි. ඒ විතරක් නෙමෙයි තව දෙයක් තියෙනවා අපගේ පරිගණකය සංයුතක්ත තැටියෙන් boot වන ලෙස cmos මගින් සකසා තිබිය යුතුයි.
ඔන්න මෙතන ඉදලා තියෙන පියවරවල් ටික ඉස්සෙල්ලාම කියවලා ඉන්න ඊට පස්සේ කරන්න පටන් ගන්න.
1 පියවර- පරිගණකය පණගන්වා වින්ඩෝස් XP CD එක දාලා එම සීඩී එකෙන් පරිගණකය බූට් කරන්න. (හැබැයි තව දෙයක් කියන්න ඕන මෙතනදී ඇත්තටම අවශ්ය මොනයම් හෝ සීඩී එකකින් පරිගණකය boot කර dos prompt එක වැනි commands ධාවනය කිරීමට හැකි එකකට පැමිණීමයි.)
2 පියවර- වින්ඩෝස් XP cd එකෙන් boot කලාට පස්සේ නවතින්නේ "Welcome to Setup" කියන නිල් පාට තිරයක එහි විවිධ තෝරා ගැනීම් තියෙනවා එයින් අපි Recovery Console යනුවෙන් ඇති තෝරා ගැනීම කල යුතු නිසා " R " අකුර ඔබනවා. ඉන් පසු ඇඩ්මින් යූසර් තෝරා එයාට අදාල මුරපදය දෙන්න.
4 පියවර- දැන් CDROM එකට අදාල drive letter එක හොයා ගෙන CD එක තුලට මාරු වන්න. (උදා; drive letter එක E: නම් අප සිටින තැන සිට E: ලෙස type කර enter කිරීම විතරක් කලාම ඇති. ) මේක හොයා ගන්න කරන්න තියෙන්නේ එකින් එකට මාරු වී dir විධානය ලබාදී බලන එක විතරයි.
5 පියවර- දැන් cd යන විධානය මගින් XP සීඩී එකේ ඇති i386 ගොනුව තුලට මාරු වන්න.
E:\>cd i386
ඉන්පසු අපේ dos prompt එක මෙලෙස පෙන්නනවා E:\i386>
6 පියවර- මීලගට අප සිටින i386 folder යේ ඇති ntldr හා ntdetect.com යන ගොනු මෙන්න මේ විධාන ලබා දී වින්ඩෝස් XP ඇති පාර්ටිෂන් එකට පිටපත් කරන්න. (මෙහිදී වින්ඩෝස් XP ඇති පාර්ටිෂන් එක c:\> යනුවෙන් නිගමනය කර ඇත .)
E:\i386>copy ntldr c:\
E:\i386>copy ntdetect.com c:\
7 පියවර- ආ... වැඩේ ඉවරයි දැන් “Exit” යනුවෙන් ටයිප් කර Enter කරන්න. ඔක්කොම හරි ඉතුරු වෙලා තියෙන්නේ restart වීම විතරයි ඊට පස්සේ ඔයාලගෙ පරිගණකය සාමාන්ය පරිදි boot වේවි.
** සැලකිය යුතුයි; ඔබගේ පරිගණකයේ ඇති configuration මත චූටි චූටි වෙනස්කම් වීමට ඉඩ ඇත.
** වැදගත්; හිතවත් කාලිංගත් මේ ගැන මට මීට අවුරුදු දෙකකට ප්රථම උපදෙස් දීලා තියෙනවා ඒකත් මතක් කරන්න ඕන වගේම මෙ ගැන හිතවත් වින්තක සඳරුවන් මේ ගැන මීට පෙර blog එකේ ලියලා තියෙනවා. ඒකත් මෙතන ඇති බලන්න.
**සම්බන්ධ ගොනු ; boot.ini ගැන ලියපු එකත් බලන්න.
අනික තමා boot.ini ගොනුවේ ඇතිවන ගැටලු වලට වගේම ntldr ගැටලු නිරාකරණය කර ගැනීමට නම් අප ලග අපේ පරිගණකයේ වින්ඩෝස් XP ස්ථාපනය කරන ලද සංයුතක්ත තැටිය හෝ එම වර්ගයේම පිටපතක් තිබීම අවශ්යයයි. ඒ විතරක් නෙමෙයි තව දෙයක් තියෙනවා අපගේ පරිගණකය සංයුතක්ත තැටියෙන් boot වන ලෙස cmos මගින් සකසා තිබිය යුතුයි.
ඔන්න මෙතන ඉදලා තියෙන පියවරවල් ටික ඉස්සෙල්ලාම කියවලා ඉන්න ඊට පස්සේ කරන්න පටන් ගන්න.
1 පියවර- පරිගණකය පණගන්වා වින්ඩෝස් XP CD එක දාලා එම සීඩී එකෙන් පරිගණකය බූට් කරන්න. (හැබැයි තව දෙයක් කියන්න ඕන මෙතනදී ඇත්තටම අවශ්ය මොනයම් හෝ සීඩී එකකින් පරිගණකය boot කර dos prompt එක වැනි commands ධාවනය කිරීමට හැකි එකකට පැමිණීමයි.)
2 පියවර- වින්ඩෝස් XP cd එකෙන් boot කලාට පස්සේ නවතින්නේ "Welcome to Setup" කියන නිල් පාට තිරයක එහි විවිධ තෝරා ගැනීම් තියෙනවා එයින් අපි Recovery Console යනුවෙන් ඇති තෝරා ගැනීම කල යුතු නිසා " R " අකුර ඔබනවා. ඉන් පසු ඇඩ්මින් යූසර් තෝරා එයාට අදාල මුරපදය දෙන්න.
4 පියවර- දැන් CDROM එකට අදාල drive letter එක හොයා ගෙන CD එක තුලට මාරු වන්න. (උදා; drive letter එක E: නම් අප සිටින තැන සිට E: ලෙස type කර enter කිරීම විතරක් කලාම ඇති. ) මේක හොයා ගන්න කරන්න තියෙන්නේ එකින් එකට මාරු වී dir විධානය ලබාදී බලන එක විතරයි.
5 පියවර- දැන් cd යන විධානය මගින් XP සීඩී එකේ ඇති i386 ගොනුව තුලට මාරු වන්න.
E:\>cd i386
ඉන්පසු අපේ dos prompt එක මෙලෙස පෙන්නනවා E:\i386>
6 පියවර- මීලගට අප සිටින i386 folder යේ ඇති ntldr හා ntdetect.com යන ගොනු මෙන්න මේ විධාන ලබා දී වින්ඩෝස් XP ඇති පාර්ටිෂන් එකට පිටපත් කරන්න. (මෙහිදී වින්ඩෝස් XP ඇති පාර්ටිෂන් එක c:\> යනුවෙන් නිගමනය කර ඇත .)
E:\i386>copy ntldr c:\
E:\i386>copy ntdetect.com c:\
ඊට පස්සේ Massage එකක් එයි “file copied.” කියලා.
** සැලකිය යුතුයි; ඔබගේ පරිගණකයේ ඇති configuration මත චූටි චූටි වෙනස්කම් වීමට ඉඩ ඇත.
** වැදගත්; හිතවත් කාලිංගත් මේ ගැන මට මීට අවුරුදු දෙකකට ප්රථම උපදෙස් දීලා තියෙනවා ඒකත් මතක් කරන්න ඕන වගේම මෙ ගැන හිතවත් වින්තක සඳරුවන් මේ ගැන මීට පෙර blog එකේ ලියලා තියෙනවා. ඒකත් මෙතන ඇති බලන්න.
**සම්බන්ධ ගොනු ; boot.ini ගැන ලියපු එකත් බලන්න.
Friday, March 26, 2010
Windows system commans
මෙම විධානයන් Start – Run හි ලබා දීමෙන් එහි ඉදිරියෙන් දක්වා ඇති තිරය (window ව) ලබා ගත හැක. මෙම ඒවාට අමතර ගොඩක් දේවල් තියෙනවා. comment විදියට ඒ ටික එවන්න මම මේ list එක update කරන්නම්
sysdm.cpl -- System Properties
nusrmgr.cpl -- User Accounts
netsetup.cpl -- Network Setup Wizard
desk.cpl -- Display Properties
inetcpl.cpl – Options of Internet Explorer
firewall.cpl -- Windows Firewall
wscui.cpl -- Windows Security Centre
wuaucpl.cpl -- Automatic Update
access.cpl -- Accessibility Options
appwiz.cpl -- Add/Remove Programs
bthprops.cpl -- Bluetooth Properties
hdwwiz.cpl -- Add Hardware
main.cpl -- mouse
intl.cpl -- Regional and Language Options
mmsys.cpl -- Sounds and Audio Devices
Powercfg.cpl -- Power Option Properties
Timedate.cpl -- Date & Time Properties
mstsc – Remote Desktop
(උපුටා ගත්තේ Windows Repairing නැමැති පොත ඇසුරෙන්)

Monday, March 15, 2010
Boot.ini ගොනුව
මට හිතුණා Windows XP හි Boot.ini ගොනුව සංස්කරණය කිරීම හා සුරක්ෂිත (backup) කරගැනීම ගැන ටිකක් ලියන්න. හැබැයි සේරමටම කලින් සුරක්ෂිත (backup) කර ගැනීම වටින නිසා ඒ ගැන ලියනවා හොදද
සුරක්ෂිත (backup) කරගැනීම -- >
1 පියවර- My Computer මත දකුණු මවුසය click කර එහිදී එන මෙනුව මගින් Properties තෝරා එහි Advanced tab එකට යන්න.
(My Computer හි Properties තිරය Start – > Run හි sysdm.cpl ලෙස type කිරීමෙන්ද ලබා ගත හැක.)
2 පියවර- Advanced tab එකෙහි Startup and Recovery යන කොටසේ ඇති Settings නැමැති බොත්තම ඔබන්න.
3 පියවර- ඉන්පසු ලැබෙන තිරයේ System Startup නැමැති කොටසේ ඇති Edit බොත්තම ඔබා එහි ඇති සියල්ල copy කර ගන්න.
4 පියවර- දැන් Notepad එක විවෘත කර අපි copy කර ගත් සියල්ල එයට paste කර එය වෙනත් සුරැකිය හැකි ස්ථානයකට Save කරන්න. හැබැයි මෙහිදී මෙම ගොනුව Save කිරීමේදී Save as තිරයේ Save as type යන ස්ථානයේ All files යන්න තෝරා file Name එක ලෙස boot.ini ලෙසම ලබාදී save කර ගත යුතුය.
**** දැන් ඉතින් වැඩේ ගොඩ හදිසියේ boot.ini ගොනුව අස්ථානගත වී හෝ හානි වී ඇති බැව් දැනගත් වහාම මෙම ෙගනුව Operating System එක ඇති harddisk partition එකට දැම්මාම ඔක්කොම හරි.
මේ තියෙන්නේ ආදර්ශ (sample)ගොනුවක්.
[boot loader]
timeout=30
default=multi(0)disk(0)rdisk(0)partition(1)\WINDOWS
[operating systems]
multi(0)disk(0)rdisk(0)partition(1)\WINDOWS="Microsoft Windows XP Professional" /noexecute=optin /fastdetect
multi(0)disk(0)rdisk(0)partition(2)\WINNT="Windows 2000 Professional" /fastdetect
සංස්කරණය කිරීම (Edit) -- >
දැන් ඉතින් මෙම boot.ini ගොනුව විවෘත කරගන්නා ආකාරය හැමෝම දන්නවානේ. ඒ නිසා මම එතනින් පසු ටික ලියන්නම්. ඉහතින් පෙන්වා ඇති ආදර්ශ ගොනුවේ ආකාරයට එහි Windows XP හා Windows 2000 මෙහෙයුම් පද්ධති දෙකක් ස්ථාපනය කර තියෙනවා.
ඉතිං මෙම ආදර්ශ ගොනුව හොදින් නිරීක්ෂනය කිරීමෙන් අපට මෙහෙයුම් පද්ධති දෙක දෘඩ තැටියේ පාටිශන් දෙකක ස්ථාපනය කැ ඇති බැව් දැක ගන්න පුලුවන්. අනික timeout=30 ලෙස පෙන්වන්නේ පරිගණකය Boot වීමේදී මෙහෙයුම් පද්ධති දෙක තෝරා ගන්නා මෙනුව කොතරම් වෙලා පෙන්විය යුතුද යන්නයි. ඉතිං එවැනි දේවල් වල වෙනස්නම් කරගන්න අපට පුලුවන්. තව මෙම ගොනුවේ default මෙහෙයුම් පද්ධතිය ලෙස partition(1)හි ඇති මෙහෙයුම් පද්ධතිය තෝරා තියෙනවා අපට එයද වෙනස් කල හැකියි.
ආ මේකෙ වැදගක්ම දේ තමයි අපි දන්න command line එකෙනුත් මේ Boot.ini ගොනුව සංස්කරණය කරන්න පුලුවන්. අපි ඒ ගැනත් ටිකක් බලමු.
1 පියවර- command line එකට යන්න හැමෝම දන්නවානේ. Start -- >Run. ගෝස් එහි cmd ලෙස type කර enter යතුර එබීමෙන්ද command prompt එක ගන්න පුලුවන්.
2 පියවර- දැන් command line එක මත පහත අයුරින් type කර enter කරන්න. BOOTCFG /Copy /D "Windows XP Test OS" /ID 1
මෙහි "Windows XP Test OS" යන ස්ථානයට අපට ඕන දෙයක් type කරන්න පුලුවන් වගේම මෙහි ID 1 යනුවෙන් සදහන් වන්නේ 1 වන boot entry එක යන්නයි. කරලම බලන්න.
3 පියවර- මෙලෙස අපි දැම්ම boot entry එකක් මකන්නත් මෙතනින්ම පුලුවන් දැන් ඒක බලමු.
BOOTCFG /delete /ID 1
ඔච්චරයි . සිමිපල් මෙතඩි එක නේද?
4 පියවර- අපි අලුතින් එකතු කල boot entry එක පරිගණකය boot වීමේදී default කරන ආකාරයත් බලමු.
BOOTCFG /default /ID 1
ඒකත් හරි නේද?
5 පියවර- දැන් ඉතුරු වෙලා තියෙන්නේ Time Out හදන්න විතරයි ඔන්න ඒකෙත් ආදර්ශ විධානයක් ලියනවා. මතකයිනේ මම මුලින් කිව්වා මේ සේරම කරන්න කලින් Boot.ini ගොනුව backup කරගෙන ඉන්න පොඩි මිස්ටේක් එකක් උනොත් ආපහු දාගන්න පුලුවන්නේ.. හික්....
bootcfg /timeout 60
මේ timeout අගය දෙන්නේ තත්පර වලින්.
හැබැයි command promptඑකේ bootcfg /?. ලෙස type කර අපට සවිස්තරයක් ගන්න පුලුවන්. මේකත් මතක තියා ගන්න Windows XP Home Edition එකේ command line වල අපි කරන මේටික කරන්න බැහැ.
මේ කරපු සේරම ටික බලන්න පුලුවන් My Computer මත දකුණු මවුසය click කර එහිදී එන මෙනුව මගින් Properties තෝරා එහි Advanced tab එකට යන්න. Advanced tab එකෙහි Startup and Recovery යන කොටසේ ඇති Settings නැමැති බොත්තම ඔබන්න. ඉන්පසු ලැබෙන තිරයේ System Startup නැමැති කොටසේ ඇති Edit බොත්තම එබුවට පස්සේ අපි කරපු දේවල් බලන්න පුලුවන්(එහෙනම් බලන්නකෝ).
Boot.ini ගොනුව අස්ථාන ගතවීමේ හෝ දෝෂ සහිත වීම නිරාකරණය කර ගැනීම
වින්ඩෝස් Xp ඇති පරිගණකයක නිතර අහන්න ලැබෙන දෝෂයක් තමයි boot.ini ගොනුව අස්ථාන ගතවීම. මේක වින්ඩෝස් Xp භාවිතා කරන අපි හැමෝම දන්නවා නමුත් නවකයින්ට මේ ගැන සටහනත් එක් කරන එක හොදයි කියලා හිතුණා.
boot.ini ගොනුව අස්ථාන ගතවීම හෝ දෝෂ සහිත වීමේ ගැටලුව නිරාකරණය කිරීමට නම් අප ලග අපේ පරිගණකයේ වින්ඩෝස් Xp ස්ථාපනය කරන ලද සංයුතක්ත තැටිය හෝ එම වර්ගයේම පිටපතක් තිබීම අවශ්යයයි. ඒ විතරක් නෙමෙයි තව දෙයක් තියෙනවා අපගේ පරිගණකය සංයුතක්ත තැටියෙන් boot වන ලෙස cmos මගින් සකසා තිබිය යුතුයි.
සමහර විටක අපි අපේ මෙහෛයුම් පද්ධතිය upgrade කරපු අවස්ථාවකත් මෙම දෝෂ ඇති වන්න පුලුවන්. අනික මේ නිසා Windows\System32\ හි ඇති Hal.dll ගොනුව ක්රියාක්මක නොවී යන්න පුලුවන්.
එහෙනම් වැඩේ පටන් ගමු.
1 පියවර- පරිගණකය පණගන්වා වින්ඩෝස් Xp CD එක දාන්න. අමතක කරන් එපා මේ අවස්ථාවේදී අපි පරිගණකය start කරන්නේ cd එකෙන්.
2 පියවර- වින්ඩෝස් Xp cd එකෙන් boot කලාට පස්සේ නවතින්නේ "Welcome to Setup" කියන නිල් පාට තිරයක එහි විවිධ තෝරා ගැනීම් තියෙනවා එයින් අපි Recovery Console යනුවෙන් ඇති තෝරා ගැනීම කල යුතු නිසා " R " අකුර ඔබනවා.
3 පියවර- තව දෙයක් මෙතනදි මතක් කරලා යන්න ඕන අපේ පරිගණකයට වින්ඩෝස් මෙහෙයුම් පද්ධති එකකට වැඩි ප්රමාණයක් අපි ස්ථාපනය කරලා තියෙනවානම් නිවැරදි මෙහෙයුම් පද්ධතිය තෝරා ගැනීම මෙම පියවරේදී කල යුතුයි.
4 පියවර- ඔන්න දැන් අපෙන් administrator පාස්වර්ඩ් එක අහනවා. දැන් ඒක ලබාදිය යුතුයි.
5 පියවර- දැන් ඉතින් අපි ඉන්නේ වින්ඩෝස් Xp වල තියෙන Recovery Console එකේ මෙතනදී සීමිත විධානයන් ප්රමාණයක් තමා run කරන්න පුලුවන් වෙන්නේ ඒවාට අපි Recovery Console command කියලා කියනවා. දැන් අපට අවශ්ය නම් විතරක් " bootcfg /list " කියන විධානය ලබාදී දැනට අපේ Boot.ini ගොනුවේ ඇති entries පරීක්ෂා කරන්න පුලුවන්. අනික මම කලින් ලිපියක කිව්වා වාගේ bootcfg විධානයෙන් Boot.ini ගොනුව යම් යම් සංස්කරණයන්ට භාජනය කරන්න පුලුවන්.
5 පියවර- ඔන්න ඉතිං Boot.ini ගොනුව නැවත සකසා ගැනීමට මෙන්න් මේ විධානය දෙන්න. “bootcfg /rebuild” දැන් අපේ දෘඩ තැටියේ ස්ථාපනය කර ඇති වින්ඩෝස් XP, 2000 හා NT වැනි මෙහෙයුම් පද්ධති පරීක්ෂා කර අපේ මෙහෙයුම් පද්ධති ගණන හා ඒවා ස්ථාපනය කර ඇති partitions ගැන විස්තර ලබා දෙනවා.
6 පියවර- ඊට පස්සෙ ඉතින් එයා අහන්නේ අපේ මෙහෙයුම් පද්ධතිය Boot.ini ගොනුවට ඇතුලත් කරන්නද කියලා ඒ ප්රශ්ණයට “Yes” කියන්න. දැන් අපට තියෙන්නේ Recovery Console එකෙන් ඉවත් වෙන්න ඒකට අපි “Exit” යනුවෙන් ටයිප් කර Enter කරන්න. ඔක්කොම හරි ඉතුරු වෙලා තියෙන්නේ restart කරන්නනේ.......
**** සැලකිය යුතුයි; ඔබගේ පරිගණකයේ ඇති configuration මත චූටි චූටි වෙනස්කම් වීමට ඉඩ ඇත.
අවශ්ය උනොත් Recovery Console විධානයන් ටිකක් මෙන්න :
1. Attrib- ගොනුවක attributes වෙනස් කරන්න මේකෙන් පුලුවන්.
2. Chdir- මේකෙන් වැඩ දෙකක් කරන්න පුලුවන් . අපි දැන් ඉන්න folder path එක බැලීම සහ වෙනත් folder යකට මාරු වීම.
3. Copy - මේක ඉතිං අපි දන්න Copy විධානයම තමා.
4. Delete- මේකත් ඉතිං අපි දන්න delete විධානයම තමා.
The delete command is used to delete a single file.

Subscribe to:
Posts (Atom)