Tuesday, March 30, 2010

NTLDR missing ගැටලුව මේ විදියට විසදගන්න

NT Loader කියන්නේ NTLDR නෙ. ඉතිං මේ NT Loader එකට හානිවීම හෝ මෙම NT Loader එකට අදාලව තියෙන ගොනු දෝෂ සහිත වීමෙන් හරි එම ගොනුව අස්ථානගත වීමෙන් අපේ මෙහෙයුම් පද්ධතිය නිසිලෙස බූට් නොවීමට පුලුවන්. මෙම ගොනු තියෙන්නේ වින්ඩෝස් ස්ථාපනය කරන ලද දෘඩ තැටි කොටසේ බව අමතක කරන්න එපා. ඉතිං ෆෝමැට් කරන්න හරි Windows XP වල තියෙන අලුත්වැඩියා ක්‍රියාවලිය කරන්න හරි කලින් මම මේ කියන්න යන ක්‍රමයත් කරලා බලන්න.

අනික තමා boot.ini ගොනුවේ ඇතිවන ගැටලු වලට වගේම ntldr ගැටලු නිරාකරණය කර ගැනීමට නම් අප ලග අපේ පරිගණකයේ වින්ඩෝස් XP ස්ථාපනය කරන ලද සංයුතක්ත තැටිය හෝ එම වර්ගයේම පිටපතක් තිබීම අවශ්‍යයයි. ඒ විතරක් නෙමෙයි තව දෙයක් තියෙනවා අපගේ පරිගණකය සංයුතක්ත තැටි‍යෙන් boot වන ලෙස cmos මගින් සකසා තිබිය යුතුයි.

ඔන්න මෙතන ඉදලා තියෙන පියවරවල් ටික ඉස්සෙල්ලාම කියවලා ඉන්න ඊට පස්සේ කරන්න පටන් ගන්න.

1 පියවර- පරිගණකය පණගන්වා වින්ඩෝස් XP CD එක දාලා එම සීඩී එකෙන් පරිගණකය බූට් කරන්න. (හැබැයි තව දෙයක් කියන්න ඕන මෙතනදී ඇත්තටම අවශ්‍ය මොනයම් හෝ සීඩී එකකින් පරිගණකය boot කර dos prompt එක වැනි commands ධාවනය කිරීමට හැකි එකකට පැමිණීමයි.)

2 පියවර- වින්ඩෝස් XP cd එකෙන් boot කලාට පස්සේ නවතින්නේ "Welcome to Setup" කියන නිල් පාට තිරයක එහි විවිධ තෝරා ගැනීම් තියෙනවා එයින් අපි Recovery Console යනුවෙන් ඇති තෝරා ගැනීම කල යුතු නිසා " R " අකුර ඔබනවා. ඉන් පසු ඇඩ්මින් යූසර් තෝරා එයාට අදාල මුරපදය දෙන්න.

4 පියවර- දැන් CDROM එකට අදාල drive letter එක හොය‍ා ගෙන CD එක තුලට මාරු වන්න. (උදා; drive letter එක E: නම් අප සිටින තැන සිට E: ලෙස type කර enter කිරීම විතරක් කලාම ඇති. ) මේක හොයා ගන්න කරන්න තියෙන්නේ එකින් එකට මාරු වී dir විධානය ලබාදී බලන එක විතරයි.

5 පියවර- දැන් cd යන විධානය මගින් XP සීඩී එකේ ඇති i386 ගොනුව තුලට මාරු වන්න.
E:\>cd i386
ඉන්පසු අපේ dos prompt එක මෙලෙස පෙන්නනවා E:\i386>

6 පියවර- මීලගට අප සිටින i386 folder යේ ඇති ntldr හා ntdetect.com යන ගොනු මෙන්න මේ විධාන ලබා දී වින්ඩෝස් XP ඇති පාර්ටිෂන් එකට පිටපත් කරන්න. (මෙහිදී වින්ඩෝස් XP ඇති පාර්ටිෂන් එක c:\> යනුවෙන් නිගමනය කර ඇත .)
E:\i386>copy ntldr    c:\
E:\i386>copy ntdetect.com    c:\

ඊට පස්සේ Massage එකක් එයි “file copied.” කියලා.

7 පියවර- ආ... වැඩේ ඉවරයි දැන් “Exit” යනුවෙන් ටයිප් කර Enter කරන්න. ඔක්කොම හරි ඉතුරු වෙලා තියෙන්නේ restart වීම විතරයි ඊට පස්සේ ඔයාලගෙ පරිගණකය සාමාන්‍ය පරිදි boot වේවි.

** සැලකිය යුතුයි; ඔබගේ පරිගණකයේ ඇති configuration මත චූටි චූටි වෙනස්කම් වීමට ඉඩ ඇත.
** වැදගත්; හිතවත් කාලිංගත් මේ ගැන මට මීට අවුරුදු දෙකකට ප්‍රථම උපදෙස් දීලා තියෙනවා ඒකත් මතක් කරන්න ඕන වගේම මෙ ගැන හිතවත් වින්තක සඳරුවන් මේ ගැන මීට පෙර blog එකේ ලියලා තියෙනවා. ඒකත් මෙතන ඇති බලන්න.
**සම්බන්ධ ගොනු ; boot.ini ගැන ලියපු එකත් බලන්න.

2 comments:

  1. බොහොම වටිනා ලිපියක්. මොකද හරියටම දැන් දවසකට කලින් මා වැඩ කරන කාර්යාලීය පරිගණකය ඔන්න ඔය තත්ත්වයට පත්වුනා (msg NTLDR missing )කරන්න දෙයක් දන්නෙත් නැහැ.ලියුමක් type කරන්න print ගන්න blog එකක් ලියන්න පුලුවන් වුනාට මේ දේවල් මම දන්නෙ නැහැනේ.බොහොම ස්තූතියි.

    ReplyDelete
  2. කාට හරි යහපතක් නම්.... මම ලියනදේ තේරෙනවානම් මට සතුටුයි.

    ReplyDelete

latest virus and spyware detection